Technology 

‌ඇපල් ෆොන් වල එන Nural engine කතාව මොකකද?

Reading Time: 2 minutes

මීට අවුරුදු ගහහක පෙර කෘතිම බුද්ධියක්(AI) කියන්නේ සිනමා පට වලට පමණක් සිමා වූවක්.නමුත් මේ වන විට අපි වැඩිය නොදන්නවා වුනත් අපි එදිනෙදා භාවිතා කරන ඇප්ස් වල පවා AI නිතර භාවිතා කරනවා.මෙම AI යොදා ගැනීමනිසා අපෙ කටයුතු පුදුම විදිහකට පහසුවෙලා තිබෙනවා.ඒවගේම අපි බහාවිතා කරන උපකරණත් කලින්ටත් වඩා හොදින් ක්‍රියා කරනවා.AI ක්‍රියා කරන්නේ අපේ මොලේ වගේමයි…අපිට තනියෙන් දෙයක් ඉගෙන ගන පුලුවන් ඒ වගේම මේ AI ඇප් වලටත් තනියම මැශින් ලර්නින් වලින් ඉගෙන ගන්න පුලුවන්…

AI යොදා ගන්නා දුරකථ්න

මීට කලින් අපේ ෆොන් කැමරාවක මෙගා පික්සල් ගාන වැඩි වන තරමට ගන්න ෆොටෝ එක හොදයි කියලා අපේ අතර මතයක් තිබුණා නමුත් මේ වන විට අඩු පික්සල් ගානක් තියන කැමරාවලින් ඉතාමත් පැහැදිල් උසස් වර්ගයේ ඡායාරුප ගන්න පුළුවන් iPhone 8 දුරකථනයේ 12MP කැමරවක් තිබ්බත් එහෙඉන් ලබා ගන්නා ඡායරුප ඉතාම්ත් උසස් තත්වයේ dslr camera වල ඡායාරුප වලට සමානයි.එවගේම එහි හැකියාවක් තිබෙනවා අපි ඡ්‍යාරුපගාරයකට ගිහිලා එහි ඇති ලයිට් වලින් ඡායාරුප ගන්නා අකාරයෙන් Studio Light යොදා ගන්නත්.

Google pixel 2 දුරකථ්නයෙත් කැමරව මෙගාපිකසල් 13 වුනත් එහෙන් ලබාගන්න ඡායාරුප ඉතාමත් උසස් තලයක් ඇති ඒවා.අදුරේ තිබෙන රුපයක් පවා ඉතාමත් හොදින් හසුකරගන්න පුලුවන්.මේ සියල්ල කරන්න පුලුව ඉමේජ් ප්‍රොසෙසින් ඉතාමත් දියුණු මට්ටමකට පත්ව ඇති නිසයි. ඒවගෙම Google Assistant,Apple SIRI වැනි AI මේවන විට ඉතාමත් දියුණුවෙලා තිබෙනවා.මේ සියල්ලකම පිටිපස්සෙ තිබෙන්නෙ මැශින් ලර්නින් වලින් බල ගන්නවපු AI වැඩ සටහන්.

iPhone 8 ,Google Pixel 2දුරකථන අදුරේදී ලබා ගන්නා ඡායාරුප වල තතවය කියාපන රුපයක්

සාමන්‍යයෙන් Ai වැඩසටහනක් භාවිතා කිරීමට ඉතමත් වැඩි Processing power එකක් අවශ්‍ය කරනවා.ඒ නිසා ගොඩක් Ai ඇප් වල මේ දේ කරන්න නිතරම ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ වෙන්න වුන. නමුත් මේ වන විට එය තමන්ගේ ෆෝන් එකේම කරන්න පුලුවන් තත්වයට දියුණු වෙලා තියනවා.

A11 චිප් එක හදුන්වා දුන් හැටි

Apple සමාගම ඔව්න්ගෙ නවතම iPhone8 එකත් එක්ක A11 Bionic චිප් එක හදුන්වා දුන්න මෙහි Nural engine එකක් තියනවා.එනම් මෙනහි ඇති CPU සහ GPU බල යොදා ගෙන ඔව්න් වෙනම මිනිස් මොලයේ වගෙම කෘතිමව Nural නෙට් වර්ක් එකක් නිර්මාණය කරගනවා.ඉතින් මේ නිසා ඇපල් ෆොන් එකේ තියන Face ID,AR වගේම කැමරාවත් ඉතාමත් හොදින් ක්‍රියා කරනවා.

ඇපල් iPhone එක මේ සදහා CPU සහ GPU බල යොදා ගත්තත්,හුවාවි සමාගම NPU එකක් වෙනම නි‍ර්මාණය කරලා තියනවා.ඔව්න්ගේ Huwawi Mate 10 දුරකථනයේ CPU,GPU සහ NPU එකක් නිර්මාණය කරලා තිබෙනවා.ඔව්න් මෙම නව තාක්ශණය KIRIN 970නම් චිප් කෙන් ඉදිරිපත් කරලා තිබෙනවා.මෙහි ඇති NPU එකේ ට්‍රාන්සිසර මගින් කෘතිම නිව්රෝන නිර්මාණය කරනවා.

මේ නිර්මාණය කරන ලද නිව්රෝන එකට එකතුකර Nural Network එකක් නිර්මාණය කරලා තියනවා.ඒක නිසා Huwawi Mate 10 දුරකථනයේ හිතගනවත් බැ‍රි ලෙස බලවත් වෙලා තියනවා.එහි කැමරාව DLRS කැමරාවකට වඩා සුපැහැදිලි.එවගේ AI ඇප්ස් ඉතාමත් වේගයෙන් ක්‍රියා කරනවා.ඒක නිසා ඇපල් iPhone 8 ,iPhone X ට වඩා Huwawi Mate 10 දුරකථ්නය බලවත් දුරකථන්‍යක් වනවාට සැක නැත. Huwawi Mate 10 ගැන සියල්ල දැනගන්න මෙතනින් පිවිසෙන්න

මේ වගේ දෙවල් ගැන සිංහලෙන් පලවන තොරතුරු බොහොම අඩුයි හැබැයි..TechTrack
එකේ මේ ගැන ගොඩක් විස්තර පලවුනා 👇👇👇👇

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...