Technology 

Facebook ශ්‍රි ලංකිකයන් යොදාගෙන කරන පරික්ශණ කොයිතරම් සාධාරණද?

Reading Time: 1 minute

මේ වන විට facebook සමාගම ශ්‍රි ලංකිකයන් යොදාගෙන පරික්ශන සිදුකරයි.අපි ෆෙස්බුක් අකවුන්ට් එකක් පටන් ගන්න කොටම අර ඇග්‍රි ව්නවා කියලා දාන හරියෙන් මේ හැම මගුල් පරික්ශණයකට සහ අපේ පෞද්ගලික දත්තත් උන්ට ඔනි විදිහට භාවිතා කරන්න ඉඩ දෙනවා කියලා අපි එකඟ වෙනවා…එක නිසා අපිට නිතිමය වශයෙන් කිසිම දෙයක් කරන්න බැ..නමුත් facebook අඩවිය මේ කරන දේවල් හරිද?

මේවන කොටත් ශ්‍රි ලංකිකයන් ඇතුලු තවත් රටවල මිනිසුන් පරික්ශ්ණාගාරයක මියන් ලෙස ෆේස්බුක් අඩවිය යොදාගන්නවා.අපි ඔව්න්ගෙන් සේවයක් ලබාගන්න පුද්ගලයන් ඔව්න් සියලු දේ නිකන් දෙනවා කියන කතාව ඇත්ත ඒ වෙනුවට අපි අපේ හැම දත්තයක්ම ඔව්න්ට දෙනවා…අපි ෆේස්බුක් ඇප් එක අපේ ෆොන් එකේ ඉන්ස්ටෝල් කරනව නම්…ඒ ඇප් එකට පුලුවන් අපේ කෝල් හිස්ටිරී එකේ බලන..ඒවගේම අපේ මැසේජ් කියවන්න..ඒවා එව්ව පුද්ගලයන් ගේ තොරතුරු බලන්න….අපෙ ෆොන් එකේ තියන ෆොටෝස් බලන්න..ඒවාව අන්තර් ගතය දැනගන්න…අපි යන එන තැන් මැප්වලින් ට්‍රැක් කරන්න…අපි කිඅන දේවල් අහන් ඉන්න…හැම මගුලම කරන්න පුලුවන්….අපි වෙබ් බ්‍රව්සරයෙන් වෙබ්සයිට් එකකට ගියානම් ඒ ගිය වෙබ් සයිට් එක මොකක්ද කියන එකත් ෆේස් බුක් එකට හොයන්න පුලුවන්…ඔව්න් මේ සියලු දත්ත රැසකරමින් තමා ඔව්න්ගේ ඇඩ් සේවය පවත්වාගෙන යන්නේ…කොටින්නම් කිව්වොත් අපේ අම්මා තාත්තට වඩා ෆෙස්බුක් කොම්පැණි එකට අපි ගැන ලොකු නිවරදි දැනුමක් තියනවා.

සමහර විට ඔබ මේ කියන දේ විශ්වාස කරන්නත් මැලිවෙයි..නමුත් ෆේස්බුක් එකට ඔබේ සිතුම් පැතුම්,මානසික තත්වය,ඔය තනිකඩයෙක්ද නැද්ද කියන දේ පවා නිවරදිව කියන්න පුලුවන්…ඒව සියල්ල ඔව්න්ගේ විශේශ ඇල්ගොරිදම් හරහා විශ්ලේශණයෙන් ලබාගන්න දත්ත.මේ හැම මගුලම අපේ අරන් මුන් තවත් අපිව පරික්ශණාගාරයක මියන් ලෙස යොදා ගන්න එක කොයිතරම් දුරට සාධාරණද???

ඔව්න්ගේ මේ පරික්ශනය නිසා ලංකාවේ සියලු පේජ් වල ඔගනික් රිච් එක බැස්සා..සමහ කට්ටිය පේජ් කිරිල්ල අත ඇරියා…තව අය විශාල මුදල් ප්‍රමාණයක් යොදවා පෙර තිබු තතවයට තමන්ගේ පේජ් එක ගන්න කටයුතු කලා…කෙහෙල්මල් පරික්ශණයක් නිසා අපිට වියදම් වුන සල්ලි අපිට ගෙවන්නේ කවුද? ඔව්න් එය අපට ගෙවන්නෙද නැත.නමුත් අපිව යොදාගෙන පරික්ශණ කරයි..ශ්‍රි ලංකාවේ සිටිනා තොරතුරු තාක්ශණය ගැන දන්නා පුද්ගලයන් මෙවැනි ක්‍රියාවලට නොවන්නේ ඇයි දැයි තවමත් අප අහට ගැටලුවකි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...