Sport 

ජ්‍යෙෂ්ඨයන් රැසක් ඉවතට.T20 යට යන කට්ටිය නම් කරයි

Reading Time: 1 minute


ශ්‍රී ලංකාව හා පාක්ස්තානය අතර පැවැත්වෙන තරඟාවලියේ විස්සයි විස්ස තරඟ සඳහා ආන්දෝලාතමක් පුවත් රැසක් වාර්තා වුනේ ක්රිදකය්ක් කිහිප දෙනෙක් ඔක්තෝබර් 29 වන දින ලාහෝර් හි පැවැත්වීමට නියමිත තුන්වෙනි විස්සයි විස්ස තරඟයට සහභගි වීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව ප්‍රකාශ කර සිටියේ, තුන්වෙනි විස්සයි විස්ස තරඟය ප්‍රතික්ෂේප කරන සියලුම ක්‍රීඩකයන්ට විස්සයි විස්ස තරඟ තුනම ක්‍රීඩා කිරීමට අවස්තාව නොදෙන බවයි.

පසුව අද ( ඔක්තෝබර් 21) වන දින ක්‍රීඩා ආමාත්‍යවරයා විසින් නවතම පත් කල විස්සයි විස්ස තරඟාවලිය සඳහා වූ සංචිතය මීට සුළු මොහොතකට කලින් නම් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස නවක කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ තිසර පෙරේරා හටයි. ඒ අනුව කුසල් මෙන්ඩිස්, ලසිත් මාලිංග,  උපුල් තරංග, අසේල ගුණරත්න, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලහිරු ගමගේ, චාමර කපුගෙදර, දිනේශ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, කුසල් ජනිත් පෙරේරා සියලු දෙනාගේම නම් කන්ඩායාමෙන් ඉවත් කිරීම පුදුම සහගත කරුණකි.

ඒ අනුව නම් කල ශ්‍රී ලංකා පිල,
තිසර පෙරේරා – නායක
දිල්ශාන් මුණවීර
දනුෂ්ක ගුණතිලක
සදිර සමරවික්‍රම
අශාන් ප්‍රියන්ජන්
මහේල උඩවත්ත
දසුන් ශානක
මිනෝද් බානුක
සචිත් පතිරණ
විකුම් සංජය
ලහිරු ගමගේ
සිකුගේ ප්‍රසන්න
විශ්ව ප්‍රනාන්දු
ඉසුරු උදාන
ජෙෆ්රි වැන්ඩශ්‍රී
චතුරංග ඩි සිල්වා

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...