Technology 

මාක් අයියාගේ අලුත්ම වැඩේ කරේ ඇයි මෙන්න එකට හේතු

Reading Time: 1 minute

මීට කලින් ෆේස්බුක් වල පෙජ් වල එවගේම තමන්ගේ යාළුවන්ගේ හැම අප්ඩේට් එකක්ම පෙන්නුවේ නිවුස් ෆීඩ් එකේ නමුත් දැන් ඒක වෙනස් වෙලා නිව්ස් ෆීඩ් එක සහ explore feed ලෙස දෙකක් වෙන් වෙලා.මේක නිසා මෙතුවක් කල් Facebook වල ඉමහත් ප්‍රසිද්ධියක් ලබාගනිමින් තිබුණ ගොඩක් පේජ් වල ලයික්ස් සහ රිච් අඩුවුනා.එවගේම මීට කලින් ගොඩක් ෆන් තැන්ක් වෙලා තිබුණ ෆේස් බුක් දැන් ඒහෙම නැ..සල්ලි දීලා දාන ඇඩ් විතරක් නිව්ස් ෆිඩ් එකේ පෙන්නේ මාක් අයියා මේක කලේ ඇයි?කියලා Damith Kethaka මහතා වෝල් එකේ පලකර තිබූ ලිපියක් තාමා මේ තියෙන්නේ…

සකර්බර්ග් මැතිඳා අර බොත්තම දැම්මේ පේජ් වලට කෙළින්න නෙමෙයි…..එතුමා බොත්තම දැම්මේ නොමිළේ පේජ් හිට් කරගෙන ලොව පුරා එක එකා ගාණ කපා ගැනීමෙන් තමන්ගේ ආයතනයට කිසිදු අල බෝලයක් නොලැබෙන බව දැක, ඒ වෙනුවට සල්ලි ගෙවා පේජ් කන්ටෙන්ට් ප්‍රමෝට් කරවා ගන්නා තැනට බුකිය සැකසීම උදෙසායි…..

දැන් ඔය එක්ස්ප්ලෝ ෆීඩ් ද මොකක්ද එක ඔබලා, ඕකෙ තියෙන පේජ් වල එව්වා බලන උන් දැනට අඩුයි……බුකි වාසීන් ඒකට හුරු වුනත් ගොඩාක් පහළට පහළට ඕක ලොවෙත් බලන්නෙ නෑ……මාකටින් වලදි වඩා බලවත් උපක්‍රමය වෙන්නෙ “බැලීමට පෙළඹවීම නිරායාසයෙන් සිදු වෙන තැනට වග බලා ගැනීම”……ඒ කියන්න ඇස ගැටෙන්නට සැළැස්වීම…..තමුන් පේජ් දෙදහකට විතර ලයික් කරල නම් තියෙන්නෙ, ඒ පේජ් වලින් පැයට පෝස්ට් දෙසීයක වේගෙන් පෝස්ට් දාගෙන දාගෙන යනව නම්, ඔය ඔක්කොම තමුන් ලොවෙත් කිමිදිලා බලන්නෙ නෑනෙ…..
එතකොට ඉතින් සල්ලි ගෙවලා ප්‍රමෝට් කරන්න වෙනවා…..නැත්තන් ලින්ක් උස්සන් ගිහින් අලවන්න වෙනවා….ඒකත් වැඩිපුර කළොත් බ්ලොක් වෙනවා……
පේජ් එකකට ප්‍රොෆයිල් එක ගානේ හදාගෙන, බුකියෙ කස්ටිය ඇඩ් කරගෙන, උන්ගෙ වෝල් වල කොහොම හරි පෝස්ට් පේන්න සැලැස්සුවත්, ඒකත් ෆීඩ් එකේ පෝස්ට් යනව වගේ ලේසියෙන් ඕගනික් රීච් ගන්න බෑ…..

පේජ් කෙරුවාව ව්‍යාපාරික ප්‍රජාවට සහ දේශපාලකයන්ට පමණක් උරුම වෙන ලක්සණ පේන්න තියෙන්නෙ…හැබැයි දැන් ඔන්න වෙලාව හොඳයි ෆේස්බුක් වෙනුවට ආදේශකයක් හඳුන්වා දෙන්න කවුරු හරි බලාගෙන ඉන්නව නම් ඒ ගේම ගහන්න……
මුලින් තිබ්බේ ඊමේල් සහ චැට් රූම්…..හයි-ෆයිව්, මයි ස්පේස් වගේ ගොඩ බැස්සෙ ඒවා මරාගෙන….යූ ටියුබ් සහ අනිත් විඩියෝ හොස්ටින් ආවෙත් ඒ විදියට……ඒවයින් බොහොමයක් නම් ගල් යුගයට යවාගෙන ෆේස්බුක් ආවෙ…..ඒක මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් කියන්න පුලුවන් තරමෙ විශාල විප්ලවයක්…..
ඒත් ඒකත් යන්න ඕන…….ඊට වඩා පෙරළිකාර අවකාශයක් එන්න ඕන….සමහර විට සකර්බර්ග් ම ඒක කරයි…….
බුකිය ද්විමාණ වර්චුවල් රියැලිටි එකකට යා හැකි උපරිම දුර අපිව ගෙනිහින් තියෙනවා……මීළඟට ආ යුත්තේ චතුර්මාණ ( කාළයත් සමග ) අත්දැකීම් දෙන අවකාශයක්…..ඒ පිම්ම පනින්න අවශ්‍ය තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් ලෝකය පුරා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...