Foreign 

ලංකාවෙ හොරු ගැනත් තිබු පැනමා ලිපිගොණු හෙලිකල මාධ්‍යවේදිනිය මරාදමයි

මෝල්ටා ආණ්ඩුවේ දූෂණ විවේචනයට ලක් කළ මුල්පෙළේ ‘බ්ලොග්’ මාධ්‍යවේදිනියක් (blogger) කාර් බෝම්බ ප්‍රහාරයකින් මරා දමනු ලැබ ඇත. මොස්ටා (Mosta) නගරය අසල වාසය කළ මාධ්‍යවේදිනිය සිය නිවසේ සිට ඇයගේ මෝටර් රථයෙන් මඳ දුරක් ගමන් ගනිමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බව වාර්තා වෙයි.

Daphne Caruana Galizia

පනස් තුන් හැවිරිදි මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලිෂියා (Daphne Caruana Galizia) මරා දමා ඇත්තේ කාර් බෝම්බ ප්‍රහාරයකින්ය යන්න මෝල්ටා පොලිසිය විසින් තහවුරු කරනු ලැබ ඇත.
ගෙතුළ සිටි ඇයගේ පුත්‍රයාට පිපිරීම ඇසී ඇති බව මෝල්ටා වාර්තා මගින් පැවසෙයි.

මෝල්ටා අගමැති ජෝසෆ් මස්කට්(Joseph Muscat ) විසින් අනුගමනය කරනු ලබන වැඩ පිළිවෙළ මරා දැමුණ මාධ්‍යවේදිනියගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත. එහෙත් ඇයගේ මරණය සැල වූ අගමැතිවරයා විසින් එය හෙළා දකිනු ලැබුණි.

කාර් බොම්බය හසුවූ ඇය ගාන් කල කර් රථය

මොල්ටා වැසියන් ඇගේ වියෝව සම්බන්ධයෙන් ඉතාමත් ශොකයට පතිවී ඇති අතර ඉටි පන්දම් නගර පුරාම දල්වමින් තම ශෝකය ප්‍රාකාශ කර ඇත ප්‍රජාත්‍රන්තවාදය ගරුකරනා දුශණයට විරුද්ධ ජනයාගේ සදාකල් විරවරියක් ලෙස ඇය සැමගේම මනසේ සැමදා රැදෙනු ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...