Political 

ඉන්න තැනින් මාරුවෙන්න අකමැති නිසා පතුරන අමු බොරු කතා සහ ජාතිවාදය

මේවන විට රටපුරා අවුරුදු 10,15 එකම පාසලේ සිටි ගුරුවරුන් ආධ්‍යාපන අමත්‍යංශය විසින් මාරුකිර්ම් සිදුකරයි.අවුරුදු ගණන් එකම පාසලේ දෙශපාලන බලය මගින් නිසා පැල පැදියන්ව සිටින ගුරුවරුන් මෙය දරාගත නොහැකි තතවයක් වී ඇත. තමගේ දේශපාලන බලේ යොදාගෙන නගරයේ සුපිරි නම් පාසල් වල සැමදා සිටිනා අතර කිස්ම දේශපාලන අහවුහරණක් නොමැති ගුරුවරුන් අන්ත දුශ්කර පාසල්වල හැමදාම සේවය කරයි.

මේ වන විට ආනන්දය සහ නාලදයේ පැතිරී අයන අමුතු කතාවක් ඇත තමන්ගෙ පාසල් විනාශ කිරීමට ගුරුවරුන් මාරු කරනවා යන්නයි.එල්ලෙන තියන අන්තිම පුදුරුගහ වන ජාතිවාදයේ එල්ලී සිසුන් නොමග යවමින් කරන ප්‍රකාශ වල නියම පිළිතුරක් Amanda Abeysooriya විසින් ෆේස්බුක් ජාලයේ පලකර තිබුණී පහල ඇත්තේ උපුට ගන්නා ලද ලිපියයි.
 

මෙවර ගුරු මාරුකිරීම් නිසා ආනන්දයේ ගුරුවරුන් 40ක් වැනි පිරිසක් එකවර මාරු කර යැවෙන්නේ යැයි ආනන්දීයයන් කම්පා වෙයි. එකවර ගුරුවරුන් 40ක් මාරු කිරීමට සිදුව ඇත්තේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හෝ ඇමතිගේ වරදක් නිසාවත්, “බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ”ට කෙලීමේ උවමනාව නිසාවත් නොව, මෙතෙක් පාසලට පත්කළ ගුරුවරුන් චක්‍රලේඛයන්ට පටහැනිව, මාරුවීම් නොලබා, මොනම හෝ ක්‍රමයකින් බහිරවයින් සේ පාසලේ ‍රැඳී සිටි නිසා ය.

මේ ගුරුමාරු ප්‍රතිපත්තිය වසර ගණනක සිට ක්‍රියාත්මක වන්නකි. මාරු කරන්නේත් යාපනයට නොව කොළඹම ඇති ජාතික පාසැලකට ය. නමුත් කොළඹ ප්‍රධාන පෙළේ පාසැල් වල වසර 10 – 15 සිටින ගුරුවරු කුමක් හෝ දේශපාලන බලයක් මුල්කරගෙන මාරුවීම් නොලබා එකම පාසලේ සේවය කරති. මේ දරුවන්ට ඇති ආදරයක් නිසා නොවේ. දරුවෝ නම් කොයි පාසලේත් සිටිති. මේ පෞද්ගලික ලාභයන් අපේක්ෂාවෙනි.

ඉතින් ආනන්දීයයන්ට මේ ගුරුමාරු කතාව බටකොළ ආච්චිගේ නපුරු මායාවක් සේ පෙනෙන්නේ මෙතෙක් කල් ගුරු මාරුවීම් සිදු නොවූ නිසා නොව, ඔවුන්ගේ ගුරුවරුන් මාරු නොවූ නිසා විය යුතු ය.

මෙවර තමාව මාරුකර හැරීම අනිවාර්ය යැයි සිතුණු විට, කොයි ක්‍රමයකින් හෝ තමාට පාසල තුළ සිටීමට ලැබේ ය යන අපේක්ෂාවෙන්, “ආනන්දෙට ඊළඟට ගෙන්නන්නේ සහිරා එකෙන්” යන අසත්‍ය ප්‍රචාර සිසුන් හා ආදි සිසුන් අතර පතුරුවා හරින්නේ කවුදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. ඉතින් තවම පාසැල් යන ඇච්චන් බැච්චන් පමණක් නොව, ආදි ආනන්දීයයන් වන මේරූ වැඩිහිටියන්ද පාසල ගෑවුණු තැන විචාර බුද්ධිය ලොප් වන බැවින්, “අයියණ්ඩිය බිය නොවන්න” මෝඩ් එකට යති. ඉන්පසු ඉතින් ක්ලැසික් හාවා සහ බෙලි ගෙඩියේ සිද්ධියයි.

රජයෙන් පත්කළ, රටේ දරුවන්ගේ මාපියවරුන්ගෙන් වැ‍ටුප් ලබන ගුරුවරයෙකුට සෑම පාසලක්ම සමාන විය යුතුය. සෑම සිසුවෙකුම සමාන විය යුතුය. ගුරුකම එවැනි ‍රැකියාවකි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...