Sport Uncategorized 

පාක්ස්ථනය අතර පවතින දෙවන තරගය සහ ගඩාෆි ක්‍රිඩාංගනයේ ආරක්ශක තත්වය

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ පරාජයෙන් පසුව අද අබුඩාබිහීදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනු පිළිවෙළේ වෙනසක් සිදු කිරීමට අවධානය යොමු වෙයි. ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළද එහි සාර්ථකත්වයක් නොවූයෙන් අද දින විකල්ප ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමට සිදුව ඇත.

Sri Lanka’s Milinda Siriwardana lost the wicket bowled by Pakistan’s Hassan Ali during their first ODI cricket match in Dubai, United Arab Emirates, Friday, Oct. 13, 2017. (AP Photo/Kamran Jebreili)

ශ්‍රී ලංකාව මේ වසරේදී එක දිගට පරාජයට පත්වූ අටවැනි එක්දින තරගය නිමාවූ අතර එම පරාජිත සියලු තරගවලදී ආරම්භක පිතිකරුවන්ගෙන් යුතුකම් ඉටු නොවූ අතර මුල් පෙළේ පිතිකරුවන් බොහෝ දෙනකු අසාර්ථකවීම පරාජයට හේතු විය. එහෙයින් අද තරගයේදී පිතිකරුවන්ගේ දායකත්වය නිසි පරිදි ලබා ගැනීම සැලසුමවී ඇත. තරග 5කින් සමන්විත දිවා – රාත්‍රී එක්දින තරගාවලිය දැනටමත් 1-0ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් සිටින හෙයින් අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට සෑම අයුරින්ම වැදගත් වේ.

කුසල් මෙන්ඩිස්

වෙනදා අංක 1 ස්ථානයේ ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් පරාජයට පත්වූ තරගයේදී අංක තුන ස්ථානයට කැඳවීමට පියවර ගත්තද එහි ප්‍රතිඵලයක් නොවුණි. කුසල් අවසන් එක්දින තරග 6කදී ලකුණු 2ට වඩා වැඩියෙන් ලබා නොමැති අතර අවසන් එක්දින තරග 9කදී අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට අසමත් විය. අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග 9ක දත්ත සැලකීමේදී ඉන්දියාවට එරෙහි දඹුල්ලේ පැවැති තරගයේදී ලකුණු 36ක් ලබා ගැනීම කුසල්ගේ වැඩිම ලකුණු ගණන ලෙස සටහන්ව ඇත.

ශ්‍රී ලංකා පුහුණුකරු නිකී පොතාස් පවසන්නේ කුසල් මෙන්ඩිස්ගේ සේවය ඉදිරි තරග කිහිපයේදී අපේක්ෂා කරන පරිදි ලැබිය යුතු බවය. ඔහු දක්ෂ පිතිකරුවෙක් හෙයින් ඉදිරියේදී ලකුණු අතරට පිවිසෙනු ඇතැයි අපේක්ෂා පළ විය.මේ අතර ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් තරගාවලියේ අවසන් විස්සයි 20 තරගය පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට සැලසුම් කළ තිබුණද, ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ එම තීරණය වෙනස් කොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීම අවසන් විස්සයි 20 තරගය පවත්වන ලෙසය.

ශ්‍රී ලංකා පාකිස්තාන විස්සයි 20 තරගාවලිය මේ මස 26වැනිදා අබුඩාබි ෂෙයික් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේදී අරම්භවන අතර දෙවැනි තරගය 27 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම හා 29වැනිදා තෙවැනි තරගය ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පළමු තරගය නිමාවූ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කොන්ත්‍රාත් ගිවිසුම් අස්සන් කළ ක්‍රීඩකයන් කිහිපදෙනකු ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ ලාහෝර් ගමන සංශෝධනයට ලක්කොට එම තරගයද එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පවත්වන ලෙසයි. මේ පිළිබඳ අද පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී අවසන් තීරණයක් ගනු ඇත.

තිසර පෙරේරා ලාහොර් නුවරදී

ක්‍රිකට් පිටියේ සෑම අංශයකින්ම දස්කම් දක්වන ක්‍රීඩකයකු ලෙස සැලකෙන තිසර පෙරේරා පමණක් මේ ලිපියට අස්සන් කොට නොමැති අතර ඔහු පසුගියදා ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී ලෝක ක්‍රිකට් පිලට එක්ව විස්සයි 20 තරගයට ක්‍රීඩා කිරීම මෙයට හේතුවී ඇත. තිසර පෙරේරා එම විස්සයි 20 තරගාවලියේදී ලෝක ක්‍රිකට් පිල වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත්වූ අතර ලාහෝර්හී පවතින ආරක්ෂාව පිළිබඳ මෑත කාලීන අත්දැකීම් ඇති අයෙකි.

වසර 2009දී ශ්‍රී ලංකා පිල පාකිස්තානයේ කළ සංචාරයේදී ක්‍රීඩකයන් ගමන්ගත් බස්රථයට එල්ල කළ වෙඩි පහරකින් අනතුරුව එරට ජාත්‍යන්තර ක්‍රිකට් පැවැත්වීමට අයි. සී. සි.යේ අවසරය නොලැබුණි. එම වෙඩි පහර එල්ල වෙද්දී ශ්‍රී ලංකා පිල ගමන් ගත් බස්රථයේ සිටි සුරංග ලක්මාල් හා චාමර කපුගෙදර තවමත් ශ්‍රී ලංකා පිලට එක්ව සිටින ක්‍රීඩකයන් දෙදෙනකි.

මේ වන විටත් පාකිස්ථනයේ ආරක්ශව තහවුරු කල ඇති ආකාරය

ශ්‍රී ලංකා පිල පාකිස්තානයේ ලාහෝර් නුවරදී ක්‍රීඩා කරන්නේ නම් රටක ජනාධිපතිවරයෙකු පාකිස්තානයට පැමිණෙද්දී ලබාදෙන විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදීමට සූදානම් බව පාකිස්තාන ආරක්ෂක අංශ තහවුරු කොට තිබුණි.කෙ‍සේ වුවද ලාහෝර් විස්සයි 20 තරගය පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත්වනු ඇතැයි පැවැසේ. යම් හෙයකින් ලාහෝර් තරගය අවලංගු වන්නේ නම් එම විස්සයි 20 තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යෙදෙනු ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...