Entertainment 

ගාංගා මැණියන්ගේ කතා වස්තුව

මැච් එක පැරදුනේ අපේ බලවත් ගංගා මැණිගේ බල බිදිලද?මෙන්න Vindya Ishani ලියන ගංගා මැණියෝ කතා වස්ථුව…හම්මෝ කියවලම බලන්නකෝ…හිනා කාල මැරෙනවා…😂😂😂

******ගණ්ඝා මෑණී කථාවත්ථුව*****

උඩගිය දවස මෙත්පල් රජුන් එකෝමත් එක රටක සරලව රජකම් කරන කල්හි එරට වැසියන් පන්දුකෙළියෙහි සූර යැයි දේශ දේශාන්තරයන්හි ප්‍රකට වන්හ.මෙ සමයෙහි පිත්තෙන් විකට් ඉන්නට ඇන සිටවන්නාවූද ,පන්දු තම්බා මුදු මොළොක් කරවන්නාවූද ගම් නියම්ගම්හි ජනෙල් බිඳින්නා වූද ක්‍රීඩාලෝලීහු පන්දු කෙළි නැරඹීමට “යම් යම්” යැයි මිතුරන් බණවා පිටියට යන්නාහුය.
දුටුගැමුණු රාජෝත්තමයාණන්ට නෙක නෙක තැන් වලින් සොයාගත්තාවූ දස මහා යෝධයන් මෙන් පන්දු කෙළියෙහි සූර වූ දසබිම්බර පුරුෂ රත්නයන් ද චුට්ටි පුත්‍ර නම් වූ දුර දක්නා නුවණැති නායකයාණන්ගෙන්ද පන්දු කණ්ඩායම සැදුම්ලත්තේය .ඊට යටගිය දවස ජම්බුද්වීපයෙහි පන්දු කණ්ඩායම හිස් ලූ ලූ අත පහර පිට පහර ගසන්නට වන කල්හි හැම්බර්ගයක දැමූ වෙඬරු පිඬක් මෙන් අප කණ්ඩායම තූ තූ කොට ඔවුහු රා කළ අට සැටක් පානය කොට ජය සමරන්නට වන්හ

මෙ සමයේ බාස්මතී දේශයේ වූ රමීස් රාජා “මොවුන්ට තව තවත් කෙළ වන්නේ ” යැයි වහසිබස් දොඩමින් නෙක විසූක දස්සන පතුරවමින් යත්.එකල්හි මෙරට විසූ පෙර පිතිහරඹයේ යෙදුනෝද,අස් හලෙහි සිටි අසරුවෝද ” මේ වඩබාමුඛයෙන් පන්දු කෙළිය ගොඩගතහැක්කෝ නම් අපිය අපිය යැයි මුඛරි බස් දොඩන්නට වන්හ.ඉනික්බිතිව පූර්වාපර සන්ධිස්ථාන ගලපන්නට ගොස් ඉන්ජරියේ කෙළ පැමිණියවුන්ද භූමිතෛලය වැදගත් ගැරඬින් මෙන් පලා යත්..

මෙවන් තුන්බියක් බුරබුරා අග්නිජාල පතුරවන කල්හි එළුදෙනක හිස සිඳ ලෝම ගණනට විපාක විඳි ස්ත්‍රිය සේ සිය සුකුමාල හිත චංචල කරගත්තාවූ මහා නුවණැති චුට්ටි පුත්‍රයන් ගණ්ඝා මෑණීහු සොයා යන්නට විය.ගණ්ඝා මෑණිහු යනු කවුරුන්ද යත්..බැමිණිතියා සායෙන් විලි වසාගත්තී වූ ද,උරචක්‍රමාලය ගෙල පැළැන්දාවූද,ඉණට ගිගිරි ගවසාගත්තාවූද හිසේ පරසතුමල් ගසාගත්තාවූද මහානුභාව සම්පණ්ණ ස්ත්‍රීරත්නයකි.හනුමන්තා මෙන්ම චිම්පසීන්,ඔරන්හොටනුන් ද වසඟයට ගත්තියකි.
චුට්ටි පුත්‍රයන්ට රෝස පන්දුවෙන් හරඹ කරන්නට යෙදෙන බව සැළවූ ගණ්ඝා මෑණි තොමෝ අසුර ගැසු සැණින් පැමිණෙන කොලුවෙකු අමතා යමක් ගෙනෙන්නටැයි පවසා රටහුණු කූරෙන් බිම මත යන්ත්‍ර රාජයෙක් අඳින්නට වන්හ..
“ඩුබායි කතරේ වැලි ගෙනාවේදැයි ” ඕ තොමෝ විචාරන කල්හි ” එසේය මෑණියෙනි ඊබෙය මඟින් ගෙන්වූයැයි කින්ඩජෝයියක් පමණ වූ වැලි පිඬක් චුට්ටි පුත්‍රයාණෝ ඈ වෙත පෑවේය.
එක වල්ල්ලේ වෑවරගෙඩි එකොළොසකට මැතිරුවේ ” අයිශී ශී අයිශී ශී”ශබ්දාණුකරණයෙන් වැලි පිඬ පරසක්වල ගසන නියායෙනි.ඉන් මත්තෙහි රෝස පන්දුවෙන් වැලි කතරෙහි දිය මිරිකා පෙන්වුවා වූ සුරුවිරුවන්ගේ දස්කම් දැක වහසිබස් දෙඩූ රමීස් රාජා උක්කුටයෙන් පිටිය මත වැදහොත්තේය.

මෙසේ ජය පැන් බී කිප දිනක් යනට මත්තෙන් ස්වේත පන්දුව පිටියට පිවිසෙත්ම හිස්මුල් සැත්ලලා ලියාලන්නාසේ සේ නැඟුණු බාස්මතී කොලුවන්ගේ පරචිත්තපීඩා හෙයින් විජය අහිමිව චුට්ටි පුත්‍රයන් පශ්චාත්තාප වන කල්හි රූපවාහිනීය වටා පැදකුණු කළ ගණ්ඝා මෑණි තොමෝ ” දෙවියන්ගෙන් මා ටෙස්ට් වරම් ලදමුත් එක්දින වරම් නොලද්දේයැයි ” උදාන වාක්‍ය පල කොට පොල්ගහ ලකුණ බාටාවන්ද පැළඳ ” එක්දින වරම් ලබා මිස එළි නොබසිමියි ” අධිඨනින් යුතුව වනගතවූවාය…

ගණ්ඝා මෑණී කතාවත්ථුව නිමි!

කතෘ අයිතිය – Vindya Ishani

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...