Sport 

‌හෙට තරගයට යන සිංහ පැටව් නම් කරයි

Reading Time: 1 minute

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර තරග 05කින් යුත් එක්දින තරගාවලිය හෙට ඩුබායි අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි ඓතිහාසික ටෙස්ට් ජයග‍්‍රහණයට පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රාහී මානසිකත්වයෙන් එක්දින තරගාවලියට මුහුණ දෙන අතර ටෙස්ට් තරඟාවලියට වඩා එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල වීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් රංගන හේරත් දිල්රුවන් පෙරේරා වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එක්දින තරගාවලිය සහභාගී නොවන අතර පාකිස්ථාන එක්ශින සංචිතයට ෂොහිබ් මලික් ,මොහොමඩ් හෆීස් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එකතු වේ.

තරඟ තහනමක් නිසා ධනුෂ්ක ගුණතිලකද,ආබාධයන් නිසා ඇන්ජලෝ මැතිව්ස්,අසේල ගුණරත්න ,කුසල් ජනිත් වැනි ක්‍රීඩකයන් අහිමි ශ්‍රී ලංකා එක්දින සංචිතයට මෙවර ලසිත් මාලිංගද එකතු වන්නේ නැත.

හෙට තරගයට ක‍්‍රිඩා කළ හැකි කණ්ඩායම

ශ‍්‍රී ලංකා කණ්ඩායම

නිරෝෂන් දික්වැල්ල
උපුල් තරංග
කුසල් මෙන්ඩිස්
දිනේෂ චන්දිමාල්
ළහිරු තිරිමාන්න
මිලින්ද සිරිවර්ධන
තිසර පෙරේරා
සීකුගේ ප‍්‍රසන්න
අකිල ධනංජය
සුරංග ලක්මාල්
නුවන් ප‍්‍රදීප්

පාකිස්තානු කණ්ඩායම

අහමඩ් ශේෂාඩ්
ෆකර් සමාන්
බාබර් අසාම්
මොහොමඩ් හෆීස්
ශොහිබ් මලික්
සෆ්රාස් අහමඩ්
ඉමාඩ් වසීම්
ශඩාබ් ඛාන්
හසන් අලී
රමන් රයීස්
ජුනයිඩ් කාන්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...