Entertainment 

ඊයේ Facebook බිඳ වැටීමෙන් පසු මාක්ශුකයි බර්ග් ශ්‍රි ලංකවට ගත් විශේෂ දුරකථන ඇමතුම

Reading Time: 1 minute

ඔබ සැම දන්නා ලෙස ඊයේ දිනයේ Facebook සමාජ ජලය බිඳ වැටුනා මෙම නිසා ලොව පුරා මිලියන ගණකට තම ෆේස්බුක් ගිණුම් වලට ඇතුල්විමට නොහැකිවුනා.මෙම කාලය තුල ෆේස්බුක් අඩවියේ වෙලද දැන්විම් ජාලයත් බිද වැටුනා මෙම නිසා මිලිය ගාණක පාඩුවක් සුදුවෙන්න ඇති.කෙසේ වෙතත් ශ්‍රි ලංකා කුඩා රටක් වුනත් ලොකේ විවිධ ක්ශේතවල වැඩකාරයන් සිටිනා රටක්.

උදාහරණයක් ලෙස අප කවුරුත් දන්නා ebay වෙබ් අඩවිය සැදිමට ශ්‍රි ලංකිකයන් ඉදිරිපත් වුනා.එලෙස IT ක්ශේත්‍රයේ සුපිරි වැඩ්ඩන් ලංකාවේ සිටිනවා..කෙසේ වෙතත් ඉතින් විශ්වාස කරන්න ෆේස් බුක් ජාය බිද වැටීමේ සිදුවිමටද ශ්‍රි ලංක්කිකයෙක් සම්බන්ධලු…මේ සිදුවිමනෙ පසු ශ්‍රි ලංකිකයෙක්ට මක් අයියා කෝල් කරලාලු මේ ඒ කතවයි…

අද ටිකක් මහන්සි නිසා කලින්ම නිදාගන්න සිතා ඇඳට ගොඩ වුනේ බැටරි 6% ක් ව තිබු ජංගම දුරකථනය එක චාජ් එකට දමමිනි. මගේ යහනේ සිට දුරකතනයට ඇති දුර සාමනයයෙන් මීටර් 3 කට ආසන්නය. එනම් හදිස්සියකට වුවත් දුරකථනය ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඇඳෙන් නැගිට යා යුතුය.
වේලාව රාත්‍රී 9.30 පසුවී විනාඩි 4 ක් ගතවී ඇත. දුරකථනය එක දිගට විනාඩි විස්සක් පමණ නාද වෙයි. කරුමේ යනු ෆෝන් එක සයිලන්ට් දැමීමට අමතක වීමයි. ඉවසීමේ සීමාව පනී.
නැගිට ගියේ හොඳවයින් දෙකක් අමතනවා යයි සිතමිනි. දුරකථනය අතට ගත් මා හට දිස් වුයේ ඉලක්කම් 18 ක පමණ දිගු අංකයකි. නිදිමත ගතිය නිසා දෝ යයි සිතා ඇස් දෙක ඇඟිලි තුඩු දෙකකින් පිසදා නැවත දුරකතනයේ ඩිස්ප්ලේ එක දෙස බැලුවෙමි. ඉල්ලක්ම වල අඩුවක් නැත. මට මොන්ගල්ද ? ෆෝන් එකට මොන්ගල්ද ?
ඕන රෙද්දක් යැයි සිතෙන් කියාගන්නා ගමන්, කෝල් එක ආන්ස්ර් කලෙමි.

“හලෝ හම්සා” යැයි පවසා එක්තරා මැදි වයසේ තරුණයකු විනාඩි 5ක් පමණ එක දිගට අඬන ශබ්ධයක් මට ඇසේ. හම්මට ෆැමිලි එකේ මොකෙක් හරි ඩවුන්ද පල්ලම් යැයි සිතා මා ඔහුගෙන් ” මේ කව්ද ? මොකක්ද සිද්ධිය ? අඬන්න එපා අයියේ මට සිද්ධිය කියන්නකෝ ” යනුවෙන් ඔහුව සැනසීමට උත්සහ දැරුවද ඔහු එක දිගට නොනවත්වා අඬයි.
මාද ඉන්කමින් කෝල් එකක් නිසා මගේ සල්ලිත් කැපෙන්නේ නැහැනේ කියා හිතෙන් සිතන ගමන්ම දුරකථනය කනට ලංකර තියාගෙන සිටියෙමි. එකපාරටම ” අයි ඈම් සොරි” කියා ඔහු නැවත අඬන්න ගත්තේය. නමුත් මෙදා සැරේ නම් ඔහුගේ ඇඬම එතරම් දුර ගියේ නැත. ඒත් මට පසුව තේරුනේ මු නම් අපේ ෆැමිල් එකේ එකෙක් නොවන බවයි. මොකද මෑන් ටෝක් කරේ කඩ්ඩෙනි.
ඔහු නැවත කතා කරයි. ( අපේ කට්ටියට තේරෙන්න ඕන නිසා ඌ කියපු ටික සිංහලෙන් දාන්නම් )
” මචන් හම්සා. මම මාක් “
” මාක් කිව්වේ ? හරි මොකා වුනත් කමක් නෑ මොකක්ද ප්‍රශ්නේ කියපන්කො උඹේ “
” හයියෝ බන් හම්සා මන් මාක් බන්, මාක් සකර්බර්ග්. ෆේස්බුක් එකේ අයිතිකරු. අඩේ අපේ sever වල පොඩි ඉශු එකක් ඇවිල්ලා එකපාරටම බන් ෆේස්බුක් ඩවුන් වුනා. අපි දැන් ඒක හැදුවා. ඒත් මං මාර බයෙන් බන් ඉන්නේ. උඹම දන්නවනේ උඹලගේ රටේ කී දෙනෙක් නම් ෆේස්බුක් ජිවිතේ කරගෙන ඉන්නවද කියලා. අනේ උන්ට කියපන් මචන් සියදිවි හානිකරගන්න වැඩ, නැත්තම් account එක hack වෙලා කියලා හිතලා හදිස්සි වෙලා මොකුත් කරගන්න එපා කියලා.
විශේෂයෙන් උඹලගේ රටේ සමහර පේජ් කාරයෝ සහ ගොසිප් කාරයෝ. අඩෝ උන්ට කියහන් බන් මාව චාටර් වෙන විදිහි පොස්ට් , ගොසිප් මොකුත් දාන්න එපා කියලා. අඩෝ උඹ දන්නවනේ මම දරු පවුල් කාරයෙක්. ළමයින් දෙන්නෙක් ඉන්නවා. උන්ගේ අනාගතය වෙනුවෙන් මන් මාර ගේමක් ගහන්නේ. ඉතින් මන් කැමති නෑ බන් එයාලගේ තාත්තා චාටර් පොරක් කියලා සාමජය හංවඩු ගහනවට. ප්ලීස් බන් හම්සා. උදව් කරපන් මට. “
මෙය ඇසු මගේ ඇසින් කඳුළු වැටුනේ, ගඟේ සිටින මාලුවෙක්, වැල්ලට අරන් දැමුවිට සට සට ගා දඟලන්නාක් මෙනි. නිමේෂයකින් හදවත මෙල්ට් වී ගිය මා සකර්බර්ග්ට පැවසුවේ,
” හරි උඹ ඕක ගැන අවුලක් හිතන්න එපා මන් වැඩේ බැලන්ස් කරන්නම්. මන් දැක්කා දැනටමත් ගොඩාක් උන්, ෆේස්බුක් එකට හැකර් ප්‍රාහාරයක් කියලා පොස්ට් දාලා තියනවා. ඒ ටික මන් බැලන්ස් කරලා දෙන්නම්. උඹ දැන් පොඩ්ඩක් රෙස්ට් කරපංකෝ ” යනුවෙනි.
එය ඇසු ඔහු මට ස්තුති කරන ගමන් අවසාන වශයෙන් මෙසේ පැවසුවේය, ” ලංකාවේ ෆේස්බුක් තහනම් වුනොත් මගේ ජීවිතේම ඉවරයි මචන්. මොකද ඒ තරම් එඩියුකේටඩ් පිරිසක් උඹලගේ රටේ ඉන්නේ. ඒ නිසා මං හැමෝගෙන්ම සමාව අයැද සිටිනවා කියන්න” යනුවෙනි.
දුරකථනය විසන්දි වෙයි. ටු…..ට්… ටු…..ට්… ටු…..ට්…!

-උපුටා ගැනීම Hamza Haniffa ගෙන්-

 
ආතල් එකට පලකරේ…..😜😜😜😂😂😂

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...