Uncategorized 

අධිවේගී පාර පුරා ඌරුමස් ක්ෂිණ අධිවේගයේදී උඩු කරනම් ගැසූ ‍ලොරිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 34.9 ආසන්නයේදී ගාල්ල දිසාවට ධවනය වූ ලොරි දෙකක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.තුවාල ලැබූවන් අතර ලොරි රියැදුරන් දෙදෙනා හා ලොරි සහයකයා ද වන බව පොලීසිය කියයි.

කොළඹ සිට මාතර කටුවනට ඌරු මස් රැගෙන යමින් තිබූ කුඩා ලොරියට මාලු රැගෙන ඒම සඳහා වැලිගම මිරිස්සට යමින් තිබූ ලොරිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.ලොරි දෙක එකිනෙක ගැටීමෙන් කුඩා ලොරිය මාර්ගයේ පෙරළී ඌරු මස් අධිවේගි මාර්ගයේ මීටර් ගණනාවක් ඈතට තැන තැන විසිරී තිබූ බව පොලීසිය කියයි.

ඌරු මස් ප්‍රවාහනය කළ ලොරි රථයේ සහයකයාගේ තත්වය බරපතල බවත්, අනතුරින් අධිවේගි මාර්ගයේ ආරක්ෂත වැටට හා ලොරි රථ දෙකට දැඩි අලාභහානි සිදුව තිබේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...