Entertainment 

ලංකාවේ ටෙලිනාට්‍යවල වැඩ පෙන්නන ආ කුඹියෝ

දෙවෙනි ඉනිම කියන්නේ අද හැමදෙනාම හැමතැනම කතා බහට ලක් වෙන වේලි නාට්‍යයක්. කෙටි කාලෙකින් ඉතාමත් ජනප්‍රිය වෙච්ච මේ ටෙලිනාට්‍යයේ මේ වන විට කොටස් 175 ත් විකාශනය වී අවසන්. දෙවෙනි ඉනිමේ රංගනය දක්වන දෙවිමි නම් නයනතාරා වික්‍රමාරච්චි වැනි නවක රංගන ශිල්පීන්ද කෙටිකලෙකින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුවා.

දෙවෙනි ඉනිම ලියන්නේ ජනප්‍රිය සිදු ටෙලිනාට්‍ය ලියු සමන් එදිරිමුනි මහතා විසින්. ඒ වගේම දෙවෙනි ඉනිමේ තේමා ගීතයත් බොහෝ ජනප්‍රියත්වයට පත් වුවා.දෙවෙනි ඉනිම වගේම දැන් කතා බහට ලක්වන තවත් ටෙලිනාට්‍යයක් දැන් කරලියට ඇවිත් තිබෙනවා. ඒතමයි සතිඅන්තයේ විකාශනය වන “කුඹියෝ” ටෙලි නාට්‍යය.

දැනට ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙක් තමයි අසංක දොඩන්තැන්න කියන්නේ. අසංක තමයි කුඹියෝ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක. වෘත්තියෙන් බැංකුකරුවෙක් වෙන අසංක අලුත් දෙයක් ඒ කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ වැඩක් පෙන්නන්න පුළුවන් කියලා හිතලා කුඹියෝ පටන් ගත්තා කියලා තමයි කියන්නේ. ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙලා ඉන්නෙත් එයාගෙම සහෝදරයා කියල තමයි කුඹියෝ නිෂ්පාදක කියන්නේ.

කුඹියෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකගෙන්ම කුඹියෝ ගැන වැඩියෙන් අහලා බලමු. පහත ලින්ක් එකෙන් වීඩියෝව නරඹන්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...