Lates 

නූතන බූකීවිරුවා නොදත් පොන්නම්බලම් රාමනාදන නම් ජාතිකවිරුවා ගැන ලිපියක්

Reading Time: 1 minute

 මානසික රෝගියෙක් ඔහුගේ පෙජ් එකේ දමා ඇති පොස්ට් එකක් දුටුවෙමි එම පිස්සට අනුව පොන්නම්බලම් රාමනදන්,සිද්දීලෙබ්බේ යනු ජාතිවාදින් වේ සිංහල රට කන්න අපු පිරිසකි.ඔව්න් හට ජාතික විරයෝ කියන්නවත් හොද නැත…10 සමග පැයක් කුණු එකතුකර ෆේස්බුකියලට ෆොටෝ 300 අප්ලොඩ් කරනා ඉඳුවා සිතා සිටිනේ ඔහු ජාතික විරයෙක් බවයි.

 

ඉඳුවා ගේ අඩවිය – Forest of Induwa නම් පිටුවේ පලකර තිබූ ඡායාරුපය

මෙය පල කල පුද්ගලයා ජනයාගේ විරෝදය හමුවේ අමුතු දෙයක් කියයි…කොමන්ට් වලින් මනින්න එපාලු දලා තියන පොස්ට් කියවපන් ලු…රටටවත් තමන්ටවත් වැඩක් නැති මෙවැනි කීබොඩ් වීරයන් නිසා නොමග යන්නේ වත්මන් තරුණ පරපුර සහ කුඩා දරුවවේ.දේශාපාලුවන් මිලියන ගණන යට කර ‍රටේ 60% ඡන්ද ප්‍රතිශය හොරකම් කිරීමට කල ජාතිවාදි කැම්පේන් නිසා මුන්ගේ මනස වික්ෘතිවී ඇත.

මුස්ස්ලිම් මිනිහෙක් දුටුවොත් ISIS කාර‍යෙකි…දෙමළ මිනිහෙක් දැක්කොත් ඌ LTTE කාරයයෙක්.මෙවම් පිස්සන් නිසා රටට සේවයක් කල ශ්‍රේෂ්ඨ විරුවන්ට අවනම්බුවීමට දීමට බැරිය.මෙවැනි පිස්සන් කියනා හැම මගුලම පිලිගන්න හරක් ටිකක්ද ඇත.එම හරක්ට සහ ඉවදුට දැන ගැනීමට පහල උපුටාගත් ලිපිය පලකරමු…

පොන්නම්බලම් රමානදන් මහතා

අතිශය මානව ගුණාංගයන්ගෙන් යුතු විද්වතුන් දුලබය. එවන්  ශ්‍රේෂ්ඨ මිනිස්සු සදානුස්මරණීයව යුග ගණනාවක් ආලෝකයෙන් බබළවති. ‍පොන්නම්බලම් රාමනාදන් සිරිමතාණන් එවැනි දුර්ලභ, ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකි, විද්වතෙකි. මෙබඳු කුඩා ලිපියකින් එවැනි මහා චරිතයක් විනිවිද දැකීම අසීරුය. එහෙත් ජාති, ආගම්, කුල භේදයෙන් තොරව මුළු මහත් ලෝකය දෙසම සානුකම්පිත දෘෂ්ටියකින් බැලූ විද්වතෙක් පිළිබඳ සිහිපත් කිරීම එතුමාගේ 86 වැනි ගුණ සමරුව යෙදී ඇති අද (30) වැනි දිනයක අපගේ යුතුකමකි.

සිය පවිත්‍ර ආගමික පරිසරයෙන් සහ විනයගරුක දෙමාපියන්ගෙන් ලත් ආභාෂය, දායාද, කීර්තිමත් අධ්‍යාපන විද්‍යාස්ථාන හරහා වර්ධනය කරගත් රාමනාදන් මැතිතුමා විද්‍යාර්ථියකු වශයෙන් ලත් යසස අපමණය. එමෙන්ම හෙතෙම ප්‍රායෝගික උදාර මිනිසෙක්ද වේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී එතුමා නැගූ අභීත කාහල නාදය එකල සිටි බ්‍රිතාන්‍ය පාලකයන් බියට පත්කරවන සිංහනාදයක්ම විය. සිය යකඩ සපත්තුවෙන් යටත්විජිත වැසියන් තළා පෙළා ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් විනාශ කිරීමට යත්න දැරූ හැම මොහොතකම රාමනාදන් මැතිඳුන්ගේ අභීත මුව විවර විය.

භූමිකා කිහිපයක විශිෂ්ට සංකලනයකින් ඔහුගේ පෞරුෂය නිර්මාණය විය. දේශපාලනඥයකු, දුරදිග දුටු රාජ්‍ය තාන්ත්‍රිකයකු, නීතිවේදියකු, චතුර කථිකයකු මෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම්, මැ‍ලේ, බර්ගර් ජනතාවගේ සහෘදයකු ලෙස ඔහුගේ භූමිකාව විවිධ සහ විචිත්‍ර විය. මේ සියලු ගුණ අබිබවා ඔහුගේ උදාර මානව ගුණයත්, ළතෙත් බවත් ඉස්මතුව පෙනුණේය. හෙතෙම ඒ සියලු පෞරුෂාංගයන්ගෙන් හෙබි මූර්තියකි.

ප්‍රතාපවත් සිංහල ජන නායකයකු මෙන්ම නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මැතිතුමන්, ‍පොන්නම්බලම් රාමනාදන් සිරිමතාණන්ව හැඳින්වූයේ ‘සියලු යුගයන්හි ජීවත් වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා’ ලෙසය. ශ්‍රී ලාංකික සිංහලයන්ට මෙන්ම තමන්ගේ ජාතිය වූ ද්‍රවිඩ ජනතාවටත් අන් ජාතීන්ටත් අන්‍ය ආගම්වලටත් එක සේ සමාන හදවතින් සේවය කළ එතුමා ශ්‍රී ලාංකීය සිංහල ජනතාවට කළ මහා මෙහෙය ගැන සිය වචනයෙන්ම මෙසේ පවසා ඇත.

‘සිංහල ජාතියට මගේ මුළු ජීවිතයෙන්ම සේවය කර ඇත්තෙමි. වයස 28දී මම රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළු වූයෙමි. කිසි දිනක දෙමළ ප්‍රජාවේ කෙනකු පමණක් වීමට නොසිතුවෙමි. මම සිංහලයා ඇලුම් කරන දේට මෙන්ම, අනෙක් අයගේ අපේක්ෂාවන්ටද සහයෝගය දුනිමි. හැම දෙයක් දෙසම මා බැලුවේ සමානව මෙන්ම, සෑම ප්‍රජාවකටම යහපතක් කරන්නටය. සිංහල ප්‍රජාවේ සියලු තරාතිරම්වල මිනිසුන් සහ ගැහැනුන් මම හඳුනමි. ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ සියලු ගුණාංග ඔවුනට ඇත. ඔවුහු නිසැකවම සාමාන්‍ය සහ කාරුණික මිනිසුන්ය.

අධ්‍යාපනයේ ආලෝකය අනාගත පරම්පරාවට ලබාදීම උදෙසා එතුමා ජාති භේදයෙන් තොරව වෙහෙසුණේය. ඕනෑම කෙනකුට තමන් කැමැති ආගමක් ඇදහීමේ අයිතිය, ඒ ඒ ආගම්වලට අදාළව විශේෂ අනුස්මරණීය දිනයන් නිවාඩු දිනයන් ලෙස සම්මත කරගැනීම උදෙසා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සමග සටන් වැදුණි. වෙසක් ‍පොහොය නිවාඩු දිනයක් කරගැනීමට එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විවාද කළ ආකාරය දැඩි හින්දු භක්තිකයකු සතු මහා ආධ්‍යාත්මික ගැඹුර ප්‍රකට කරවන්නකි.

1915 යෝනක සිංහල කැරැල්‍ලේදී සිංහල ජන ප්‍රධානීන් සහ නායකයන් බිමට සමතලා කර දැමීමට සුදු පාලකයන් දැරූ වෙහෙස ලත් තැනම ලොප් කිරීම උදෙසා මේ සුවිශේෂ ද්‍රවිඩ ප්‍රාඥයා ජීවිත අවදානමද නොතකා බ්‍රිතාන්‍යයේ මහ රැජින බැහැදැකීමට ගියේය. ඒ ගමනෙහි ප්‍රායෝගික ප්‍රතිඵලය නිසා එවකට සිටි ආණ්ඩුකාරවරයා ගෙදර යැවීමටත්, සිරගතව සිටි අපේ නායකයන්ට නිදහස ලැබිමටත් අවස්ථාව උදාවිය.

ශ්‍රීමත් ‍පොන්නම්බලම් රාමනාදන් යනු පිය ලකුණකි. කලාතුරකින් දැකිය හැකි දුර්ලභ මානව ප්‍රේමියෙකි. එතුමන් උතුර, දකුණ යා කරන සාමයේ හා සංහිඳියාවේ පාලම තැනීය. වරින් වර බිහිවූ ජාතිවාදී ද්‍රෝහීන් මේ පාලමේ පතුරු ගලවා දැමීමට යත්න දැරුවද ඒ සෑම ප්‍රයත්නයම මතෛක් අසාර්ථක විය. මේ මහා ද්‍රවිඩ-සිංහලයාගේ මහා ආධ්‍යාත්මික ආත්මය කෘතවේදී සියලු සිංහලයන් සැමරිය යුතුය. ප්‍රණාමය කළ යුතුය. සදානුස්මරණීයව සිහිපත් කළ යුතුය. ජාතික ප්‍රශ්නයේදී රාමනාදන් සිරිමතාණන්ගේ දෘෂ්ටිය, දැක්ම ගැඹුරින් විමංසනය කළ යුතුය. එතුමාගේ අමිල සේවය අද වත්මන් පරපුර, වෙසෙසින් රට කරවන දේශපාලන නායක කාරකාදීන් ආදර්ශයට ගන්නේ නම් සාමයට හා සංහිඳියාවට එයම මාර්ගය වනු ඇත.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...