Sport 

‌මහේල පාපන්දු සෙල්ලම් කරයි

අපේ ක්‍රිකට් තරු පාපන්දු පිටියේ ක්‍රීඩා කල හරි අපුරු පාපන්දු තරඟයක් නරඹන්නට ක්‍රීඩා ලෝලින්ද අවස්තාව උදාවුණා. එම තරඟය පැවතියේ  මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී වන අතර  ඕල්ඞ් ස්ටාර්ස් කණ්ඩායම සහ ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැති මෙම  ප්‍රදර්ශන පාපන්දු තරගයෙන් ගෝල 1-0 ක ජයක් අත්කර ගැනීමට ඕල්ඞ් ස්ටාර්ස් කණ්ඩායම සමත් විය.

ඕල්ඞ් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඞ් අමුනුල්ලා 57 වැනි විනාඩියේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

ශ්‍රී ලංකා පාපන්දු පිල නියෝජනය කල පැරණි පාපන්දු ක්‍රීඩකයන් පිරිසකගෙන් ඕල්ඞ් ස්ටාර්ස් කණ්ඩායම සමන්විත වූ අතර පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසකගෙන් ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම සමන්විත විය. එහිදී මහේල ජයවර්ධන, චමින්ද වාස් සහ උපුල් චන්දන යන ක්‍රීඩකයන්ද ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළහ.

ක්‍රිකට් ක්‍රීඩකයන් හා පැරණි පාපන්දු ක්‍රීඩකයන් එක්වූ මේ ප්‍රදර්ශන තරඟය නැරඹීමට බොහෝ දෙනා මරදාන සහිරා ක්‍රීඩාංගනයට පැමිණ සිටීමද විශේෂත්වයක්….

එහිදී ලබාගත් චායරුප කිහිපයක් පහතින්….

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...