Political 

චේ අදහන…චේට වදින ලංකාවේ අම්බරුවන් දැනගත යුතු සත්‍ය

Reading Time: 2 minutes

අපි සේරම වළේ බහිමු හැබයි වලේ ලොක්කා මමයි කියන මානසිකත්වයෙන් සිටිනා, තවමත් මීට අවුරුදු 100 පමණ පැරණි යුගේ සිටිනා..දියුණිවීමට බය ලංකාවේ සමජවාදින් හා ඔව්න්ගෙ ගොං මත වලට රැවටුන ජනයා කියවිය යුත් ලිපියක් Damith Kethaka මහතා විසින් පලකර තිබුණි එම ලිපියේ පහත දැවේ…

වමේ නායකයන්ගෙන් තාමත් මා සිතෙහි ගෞරවයක් ඉතිරිව පවතින්නේ දෙදෙනෙකු කෙරෙහි පමණි…..එයින් එක් අයෙකු ජෝසෙෆ් ස්ටාලින් වන අතර, අනෙක් තැනැත්තා වනුයේ ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් ය…..

ලෙනින්ගේ පිරිරූ කඩා බිඳ දමනා මිනිසුන්

ස්ටාලින් බිහිසුණු මිනිසෙකු වුවද, රුසියාව අදටත් ලෝක බලවතෙකු වශයෙන් කෙසේ හෝ ජාත්‍යන්තර දේශපාලන වට මේසයේ කේවල් කරන්නේ ඔහු විසින් දමන ලද අඩිතාලම නිසාය.. . ලෙනින් වූ කළී ගැඹුරු ප්‍රඥාවකින් හෙබි දාර්ශණිකයෙක් සහ තියුණු සමාජ විශ්ලේෂකයෙක් වුවද, අතිශයින් අප්‍රායෝගික ප්‍රතිපත්ති සහිත පාලකයෙකු වූයෙන්, ඔහුගේ කෙටි පාලන කාළය කෙළවර වූයේ දරුණු අභ්‍යන්තර ගැටුම්, විදේශ අත පෙවීම් මැද දුර්භීක්ෂයෙන් සහ බෙදී යාමේ තර්ජනයෙන් පීඩා විඳින සමූහාණ්ඩුවක් ඉතිරි කරමිනි…..ලෙනින් පඬිවරයෙකු බව සැබෑ නමුත්, කිසිවිටෙකත් සාර්ථක රාජ්‍ය පාලකයෙකු ලෙස හුවා දැක්විය නොහැකි පුද්ගලයෙකි…..

ස්ටාලින් විසින් බලය ඩැහැ ගන්නා විට රුසියාව තිබුණේ පාන් තබා බඩ ඉරිඟු කියාගන්නටවත් බැරි අඩියක වුවත්, කොමියුනිස්ට් පාක්ෂික ප්‍රොපගැන්ඩාව විසින් ලෝකයට දක්වන ලද ව්‍යාජ උදාරම් වල නම් නිමක් නොතිබිණි…..මේ පුහු ආටෝපයන් සඳහා සාමාන්‍ය ජනතාව කෙතරම් වන්දියක් ගෙව්වේද යන බිහිසුණු හෙළිදරව්ව ලෝකයට මුල් වරට කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතික විද්වතෙකු වන බර්ට්‍රන්ඩ් රසල්ය…..

1920 වසරේ මැයි මස 11 වැනිදා බ්‍රිතාන්‍ය කම්කරු ව්‍යාපාරයේ දූත පිරිසක් සමග සෝවියට් සංගමයේ කම්කරු පක්ෂයේ අනුග්‍රහයෙන් කරන ලද සංචාරයකට සහභාගී වූ රසල් මහතා ව්ලැඩ්මිර් ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි සහ බොල්ෂෙවික් පක්ෂයේ පළමු දේශපාලන මණ්ඩල සභිකයන් සත් දෙනාගෙන් එක් අයෙකු වන ලියෙව් කමිනෙව් ( මොහුට ලියෙෆ් කමිනෙෆ් කියා අමතන්නෝ රුසියානු උච්ඡාරණය නොදනිති ) මුණ ගැසුණු අතර, ලෙනින් විසින් සළසන ලද පහසුකම් යටතේ රුසියාවේ සුඛෝපභෝගී සංචාරයක නිරත වීමේ වරමද හිමි කර ගත්තේය….එහෙත් කිසිදාක මතුපිටින් දකින දෙයින් යමක් පිළිබඳව විනිශ්චයකට නො-එන ප්‍රාඥයෙකු වූ රසල් පඬිරුවණ කෙසේ හෝ රුසියානු ආරක්ෂක අංශ වල උකුසු ඇස් වලින් බේරී බොල්ෂෙවික් පාලනය විසින් එළන ලද මායාවේ කඩතුරාවෙන් වැසී තිබූ සැබෑ සෝවියට් සමාජයේ ඛේදවාචකය ලොවට හෙළිදරව් කරන මාවත් සොයා ගැනීමට සමත්විය…..සෝවියට් සමූහාණ්ඩුව විසින් තමන්ට පෙන්වන ලද දෙය කෙතරම් මායාවක් දැයි වැටහී යාමම තමන්ට සමාජවාදය එපා කරවු බව රසල් පසු කළෙක ලියා තැබුවේය…..

ස්ටාලින් බලය ඩැහැ ගත්තේ එබඳු රාජ්‍යයකය…..මෙසේ අතිශයින් දුර්වලව අන්ත්‍රායකර අඩියක තිබූ රාජ්‍යයේ තමාගේ බලය තහවුරු කර ගන්නට, එයින් පසුව එය ක්‍රමවත්ව සංවිධානය කරන්නට, ජර්මානු යුද යාන්ත්‍රණයේ අනපේක්ෂිත අයෝමය ප්‍රහාරයෙන් බේරා ගන්නට, කාර්මික ජනපද පිහිටුවා කෘෂිකාර්මික පදනමක තිබූ රුසියාව ප්‍රමුඛ සෝවියට් ඒකක කාර්මික නිෂ්පාදනය කරාත් රැගෙන යන්නට, සෝවියට් සංගමය ( ඔහුගේ වචන වලින්ම කියතොත් “ළදරු කම්කරු රාජ්‍යය” ) බටහිර සියළු රාජ්‍යයන් සතු අවි බලය තනිව තුලනය කළ හැකි ලෝක සුපිරි බලවතෙකු, න්‍යෂ්ඨික බලවතෙකු කරන්නට අඩිතාලම සැකසීමට ස්ටාලින් අනුගමනය කළේ උපාය ශීලී ප්‍රතිපත්ති නොව, දරදඬු මිනීමරු ප්‍රතිපත්තිය…..එසේ වුවත් දාර්ශණික ටෝක් කාරයන් කිසිදාක හඳුනා නොගන්නා බිම් මට්ටමේ දේශපාලනික යථාර්තයන් ගැන ඔහුට හොඳ අවබෝධයක් වූ නිසා, ස්ටාලින් ලොකු දෙයක් නිර්මාණය කළේය…..20 වැනි සියවසේ ලෝක දේශපාලනයේ ස්ටාලින් සාධකය ජාත්‍යන්තර දේශපාලනයේ විකාශය හදාරන ලද කිසිවෙකුට හෑල්ලුවට ලක් කළ නොහැකි තරම් පෘථුල එකකි….සමාජවාදී දාර්ශණික ටෝක් කාරයන්ගේ වචන වල සහ ක්‍රියාවේ ඇති විය හැකි භයානක වෙනස් කම ගැන ප්‍රබල දාර්ශණික කියවීමක් ස්ටාලින් යුගය හදාරන අයෙකුට ලබාගත හැක….එහෙත් ස්ටාලින් යමක් ගොඩ නැගූ මිනිසෙකු ලෙස මගේ ගෞරවයට පාත්‍ර වේ…..සමාජවාදී සිහින අසපු යකාට ගියත්, රුසියාව ශිෂ්ඨාචාරයක් ලෙස හෝ කෙළින් පිහිටුවා ගන්නට අද ව්ලැඩ්මිර් පුටින් සමත්ව ඇත්තේත් ස්ටාලින් පශ්චාත් දෙවන ලෝ යුද සමයේ දමන ලද ශක්තිමත් අඩිතාලම නිසාය…..

ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් ද සෝවියට් සංගමය භාර ගන්නේ නිකිතා කෘෂ්යෙව් නම් අසාර්ථක නායකයාගේ පාලනය නිසා තරමක් ව්‍යාකූල තත්වයකට, කියුබානු මිසයිල් අර්බුදය හරහා ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ ප්‍රබල පරාජයකට සහ ලැජ්ජාවකට මුහුණ දී තිබුණු අවදියකය….මේ වනවිට කෘෂ්යෙව්ගේ ස්ටාලින් විරෝධී ප්‍රතිපත්ති නිසා කොමියුනිස්ට් පක්ෂයේද අභ්‍යන්තර දෙදරීමක මුල් ලකුණු පහළව තිබිණි….රට ආර්ථික වශයෙන් මන්දාවධමනයකට ලක්ව තිබූ අතර, වැටුප් ආදී බොහෝ වියදම්ද, සයිබීරියානු තායිගාවේ කමීනා ප්‍රදේශයේ ඛණිජ තෙල් කැණීම්ද අඩාලව පැවතිණි…..බ්‍රෙෂ්නෙව් ස්ටාලින්ට වඩා උපක්‍රමශීලී මිනිසෙකු වූ අතර, ඔහු මේ අර්බුද හමුවේ අනුගමනය කළේ දේශපාලන “ගේම් ගැසීම” මගින් අදක්ෂයන් පසු බස්වා, දක්ෂයන් පෙරට ගැනීමේ ප්‍රතිපත්තියකි….ආර්ථික වශයෙන් එතරම් ශීඝ්‍ර වර්ධනයක් වෙළඳපොළ ආර්ථික ස්ථාවරයෙන් බැහැර රටවල් නොලබන අතර, එය ක්‍රමයේම කුහරගත වරදක් විනා අන් කිසිවක් නොවේ…..එනිසා බ්‍රෙෂ්නෙව් පාලන සමය තුළ සෝවියට් ආර්ථිකය අපේක්ෂිත පරිදි වර්ධනය නොවූවත්, සාපේක්ෂව යහපත් ජීවන මට්ටමකට, පෝෂ්‍යදායී ආහාර සැපයුමකට, පොදු ජන ජීවිතයේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන් වල ආදර්ශමත් වර්ධනයකට ගෙන යාමට ඔහු සමත්විය…..කොමියුනිස්ට් පාලනයට උරුම අවර ලක්ෂණයක් වන “නිළධාරීවාදය” සහ ” අත්තනෝමතිය” ( Arbitrary ) නිසා මෙන්ම නිර්මාණශීලී ව්‍යවසායකයන්ට අවස්ථාව නොලැබෙන කොමියුනිස්ට් උද්ගතය නිසා මෙම කාළය තුළ ඇතිවූ ආර්ථික වර්ධනයේ මන්දගාමී ස්වරූපය ( සහ 1975 න් පසුව සිදුවූ පසුබෑම ) “බ්‍රෙෂ්නෙවියානු නිහ්චලනය” ( Brezhnevian Stagnation ) යනුවෙන් හැඳින්වුවද, පොදුවේ සාමාජීය, දේශපාලනික සහ මිලිටරි අංශ වලින් සෝවියට් සංගමය සුපිරි බලවත් රාජ්‍යයක් ලෙස තහවුරු කරන්නට බ්‍රෙෂ්නෙව් සිය ප්‍රඥාව මෙහයැවීය…..

වමේ නායකයන් අතර රටවල කාබාසිනියා කළ මිනිසුන් බහුල අතර, වමේ ලෝගුව පොරවාගෙන සිටියත්, පට්ටපල් බොරුව හෝ පුහු ආටෝපය පමණක් ලොවට ඉතිරි නොකර, සාමාන්‍ය දැනීමෙන් කටයුතු කරමින් සාපේක්ෂව ශක්තිමත් යමක් කෙටි කාළයකට හෝ ගොඩ නැගූ මිනිසුන් ඇත්තේ අතළොස්සකි…..ඉහත සඳහන් දෙපළ හැරුණු විට යුගොස්ලෝවියානු නායක ජෝෂුයිප් බෘව් ටිටෝ හෙවත් මාෂල් ටිටෝද මේ අතරට එක් කළ හැකි නායකයෙකි….

මාඕ චීනය යෝධයෙකු කරන්නට අඩිතාලම දැමූ නමුත් මෑත ඉතිහාසයේ දරුණුම සමූල ඝාතකයා වන ඔහු විසින් හාමත් කර මරා දැමූ කෝටි සංඛ්‍යාත ජනයා නිසා ඔහු ගොඩනැගූ මොන දේක වුවද ඇති වටිනාකම කිසි සේත් සුභවාදීව තක්සේරු කළ නොහැක…..ඇත්තෙන්ම චීනය බලවතෙකු වූයේ මා ඕටත් පෙර චීනයේ ජාතික අනන්‍යතාවයක් ගොඩ නැගූ සුන් යත් සෙන් ( වමේ නායකයෙකු නොවේ ) සහ මාඕ ගේ සමකාළීනයන් ව සිට පසුව එරට ගමන් මග තීරණය කළ චවු එන් ලායි, ඩෙන්ෂියාඕ පින් ආදී නායකයන්ගේ කාළෝචිත ක්‍රියකළාපය නිසා මිස මාඕගේම හුදෙකළා මඟ පෙන්වීමක් යටතේ නොවේ…..

මේ නායකයන් සහ කැපී පෙනෙන චරිත අතර, අර්නෙස්ටෝ චේ ගෙවාරා යනු මෙරට නාඩගම් කළාවේ ප්‍රධාන චරිත වලට පෙර විනෝදාස්වාදය සැපයීම සඳහා සබයට පනින බහුභූතයා ( කොනංගෙයි ) සහ සෙල්ලම් ළමා ( සෙල්ලන්පිල්ලෙයි ) බඳු චරිතයකි….චේ යනු ඔලුවට දමා ගත් මොකක් හෝ එකක් ප්‍රායෝගික යථාර්තයක් කරන්නට අවංක උවමනාවක් තිබුණු හිතුවක්කාරයෙකු වුවද, කිසි සේත්ම දැක්මක් හෝ සැලැස්මක් තිබුණු අයෙකු නොවේ….තමන්ගේ කෝපය පාලනය කර ගත නොහැකි නොදැමුණු චරිතයක් වූ චේ සිය ජීවිතයේ කරන ලද එකම වැඩකට ඇති දේශපාලන කර්තව්‍ය වන කියුබාවේ කස්ත්‍රෝ පාලනයේ ආර්ථික සහ මූල්‍ය කළමණාකරණය අන්තිම අසාර්ථක අයුරින් සිදු කරමින් කියුබානු භාණ්ඩාගාරය බංකොළොත් කළා පමණක් නොව, ස්ථානෝචිත නොවන, උද්දච්ඡ ප්‍රකාශ නිසා බොහෝ විදෙස් සබඳතා පවා පළුදු කරගත් කෙනෙකු විය….ඔහුට දේශපාලනය ගැන තිබුණේ සිල්ලර අවබෝධයකි….ඉවක් බවක් නැතිව සිරගත කරන ලද විරුද්ධවාදීන්ට මරණ දඬුවම දීමත්, රාජ්‍ය පරිපාලනයේදී අසාර්ථක බව පෙන්වීමත් නිසා ෆිදෙල් කැස්ත්‍රෝගේ පවා රහසිගත අප්‍රසාදයට පත්ව සිටි ඔහු අවසානයේ ස්වදේශික ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කර නොගෙන දුවන්නන් වාලේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ඊනියා අරගල මෙහෙයවා, ඒ මෙහෙයවීමේ දුර්වලතා හේතුවෙන් සතුරන් අතට පත්ව මීට පනස් වසකට පෙර හෙතෙම මැරුම් කෑවේය…..මේ වූ කළී එහි පනස් වෙනි සංවත්සරයයි….

මිනිසුන් මරා ඇති ආකාරය

චේ යනු පොත්පත් නොකියවන මිනිසුන්ට පහන් තාරකාවකි…..ඔහුගේ මරණයෙන් පසුව ඔහුව දේශපාලනය හැදෑරීමේ හෝ ඉතිහාසය කියවීමේ අභිලාෂයන් හෝ බුද්ධිමය වත්කම් නැති, එහෙත් අතාර්කික රැඩිකල් අපේක්ෂාවන් සහිත නූගත් හෝ අර්ධ උගත් තරුණ පිරිස් විසින් ජාත්‍යන්තර සංකේතයක් ලෙස ඔසවා තබන ලද අතර, වෙළඳපොළ ධනවාදය විසින් ඉක්බිති චේව කදිම වෙළඳ භාණ්ඩයක් බවට පත් කර විකිණීම අරඹන ලදී…..චේ අදටත් සමීප කර ගන්නේ සමාජවාදය හෝ ලෝක දේශපාලනය ගැන කිසිදු අවබෝධයක් නැති නැට්ටුවන් විසින් තම ප්‍රදර්ශණ කාමී නැටුමේ වෙස් තට්ටුව ලෙසටය…..ඔහු ගැන කෙරෙන ඊනියා සැමරුම්ද ඔහුට අනුකම්පාවෙන් හෝ ආදරයෙන් කරන ඒවා නොව, නූගත් ග්‍රාම්‍ය තාරුණ්‍ය සහ අතරමංව සිටින මධ්‍යම පාන්තික තාරුණ්‍ය එක් කරගෙන පිරිස් බලයක් සකසා ගන්නා සිල්ලර වෑයම් පමණි…..

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...