Sport 

‌අබුඩාබියේදී ගහන මැච් එකේ ඔබ නොදත් කතාව

මේවන විට ශ්‍රි ලංකාව සහ පාකිස්ථ්නය අබුඩාබියෙදි දිවාරත්‍රී ටෙස්ට් තරගයක නිරතවන බව ඔබ සැම දන්නා කරුණකි.මේ තරගාවලියේ වැඩිවාසි මේ වන විට ශ්‍රි ලංකාව සතුවේ.කෙසේ වුවත් මේ තරගාවලියට වියදම් කරනා මුදල් ප්‍රමාණය නම් සුලුපටු නොවේ.

අබුඩාබියේ මෙම පිටිය සදහා සියලු බරපැන දරන්නේ පකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය වේ.මෙම තරගාවලිය ඩුබායි නගරයටද ඉතා සුවිශේශී වේ. මේ ඔව්න් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාවට දිවා රාත්‍රිටෙස්ට් තරගාවලියකට තම දායකත්වය සලසන දෙවැනි අවස්ථාව වේ.ඩුබායි ජාත්‍යන්තර ක්‍රිඩාංගනය සතුව ඉතාමත් දියුණු මට්ටමේ ක්ෘතිම ආලෝක පද්ධතියක් ඇත.මෙම ආලොක පද්ධතිය මගින් සෙවණැලි බොහෝදුරට රහිතව,ස්වාභාවික ආලොකයට ඉතාමත් සමාන ලෙස ආලොකය සැපයීමට හැකියාව පවති.

මෙම පිටියේ තවත් විශේශ දෙයක් වන්නේ අනෙකුත් ක්‍රිකට් පිටිවල මෙන් ආලොකය සපයන කුළුණු නැත.මෙහි ඇති විදුලි බුබුලු ඇත්තේ මේම පිට්ටනියේ වහලෙ වටාය.එමගින් පිට්ටනියේ සෙවණැලි අවම කරයි.තවත් මෙහි ඇති සුවිසලි ලයිට් 350 චලනය වෙමින් ආලොකය පාලනය සැමවිටම සිදුකරයි.දිවා කාලයෙ මෙම පිටියේ උශ්ණත්වය සෙන්ටිග්‍රීට් 40 පමණ වන අතර මෙම අධික රස්සනය නිසා ක්‍රිඩකයන්ට යම් අපහසුතාවයක් ඇත.කෙසේ නමුත් ගල්ෆ්නිව්ස් වෙබ් අඩවිය කියනා ලෙස ඊයේ දිනයේ මෙම තරගය නැරඹිමට පැමිණ ඇත්තේ 700 පමණ පිරිසක් පමණි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...