Foreign 

බිල්ගේට්ස් සෞඛ්‍ය ඇමති රාජිත අතර විශේෂ හමුවක්

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරීම සහ අධ්‍යයනය කිරීම සදහා මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල්ගේට්ස් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිතය. ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය.

බිල්ග්‍රේට් සහ මෙලින්ඩා ගේට්ස්

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සදහා පැයක කාලයක් ද වෙන් කර ලබා දී ඇත.ෆොබ්ස් දත්ත වලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන බිල්ගේට්ස්, එම වාර්තාව අඛණ්ඩව සිව් වන වරටත් හිමි කර ගත් පුද්ගලයා ද වේ. 2017 ඔක්තෝම්බර් මාසය වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 89.2 ක් විය. මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු සහ නිර්මාතෘ ද ද වන ඔහු මේ වන විට එම සමාගමේ තාක්ෂණික උපදේශකවරයා ලෙස කටයුතු කරයි.

සෞක්‍ය ඇමති

ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය දෙවසර තුළ වැඩසටහන් රැසක් දියත්කර ඇත. එහිදී දුම්කොළ බදු සියයට 90 දක්වා ඉහළ නැංවීම, සිගරට් පැකට්ටුවක රූපමය අවවාද සියයට 80 දක්වා ඉහළ නැංවීම, ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට කටයුතු කිරීම, තනි සිගරට් පැකටුට්ව විකිණීම තහනම් කිරිම සදහා කැබිනට් පත්‍රිකාවක් සැකසීම, දුම් රහිත දුම්කොළ අලෙවියට අදාල නියාමනයන් ඇති කිරිම, වසර 2020 වන විට දුම්කොළ වගාව සම්පුර්ණයෙන්ම නතර කර ආර්ථික වශයෙන් වැදගත්වන බෝග වගාව කෙරෙහි අවධානය යොමු කිරීම, පැණිබීම සදහා වර්ණ සංකේත හදුන්වාදීම, සුව දිවි සායන මධ්‍යස්ථාන 842 ක් සහ සුවනාරි සායන මධ්‍යස්ථාන 848 ක් ස්ථාපිත කිරිම වැනි වැඩසටහන් දියත් කර ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...