Uncategorized 

දුප්පත් අම්මගේ නැතිවූ පර්ස් එක මාස 8 තිස්සෙ වෙහෙසවී සොයාදුන් අයුරු

මීට මාස අටකට පෙර අරලගන්විල යාය 8 අංක 59 නිවසේ පදිංචිව සිටින එම්. ආර්. දයාවතී උපාසිකා මාතාවගේ (81) ලියකියවිලි සමඟ රුපියල් තුන් දහස්‌ පන්සීයක්‌ සහිත මුදල් පසුම්බිය අරලගන්විල නගරයේදී නැති විය.

එය හමු වූ අරලගන්විල විඡේරත්න ස්‌ටෝර්ස්‌ හි සෙනරත් බණ්‌ඩාර මහතාගේ ලියන මහත්මා වන නිමල් ශාන්ත මහතා එම මුදල් පසුම්බිය ලබා දීම සඳහා මව්වරුන් රැසකගෙන් විමසා ඇති අතර සෑම සතියකම පොළ පවත්වන දිනයේද මග රැක බලා සිට ඇත්තේ කෙසේ හෝ මුදල් පසුම්බිය අයිතිකරුට ලබාදීම සඳහාය.

මේ අයුරින් මාස අටක්‌ම එම මුදල් පසුම්බිය ප්‍රවේශම් කර තබා දයාවතී උපාසිකා මාතාවගෙන් මුදල් පසුම්බිය පිළිබඳව විමසා ඇති අතර එම මුදල් පසුම්බිය නැති වූ ආකාරය හා ලැබුණු ආකාරය දයාවතී මහත්මිය මෙසේ කියා සිටියාය.

“මම පහුගිය පෙබරවාරියේ අරලගන්විල ගියා. මගේ අතේ තිබුණු පර්ස්‌ එක වැටුණා ඉතිං මම හොයල බැලුවා. හම්බ වුණේ නැහැ. බස්‌ එකට තිබුණු සල්ලිවලින් ගෙදර ආවා. මම අපේ එක්‌කෙනාට කිව්වෙත් නැහැ. ඒවා මගේ සල්ලි, මොකටද කියන්නෙ. ඒ පර්ස්‌ එකේ ආශාව අයින් කරල දැම්මා.

පෙරේදා මම අරගලන්විල යන කොට මේ කඩේ මුදලාලි මහත්තයා මගේ අතින් අල්ලලා ඇහුවා අම්මගෙ මොනවත් නැති වුණාද කියලා. ඉතිං මම කිව්වා නැහැ කියලා. පර්ස්‌ එකක්‌ ගැන කිව්වා. මම ඒ කොයි කාලෙද කියලා ඇහුවා. පස්‌සේ මාව කඩේට එක්‌ ගෙන ගිහින් මේක අම්මගෙද කියලා ඇහුවා මට හිතා ගන්න බැරි වුණා. පර්ස්‌ එකේ සල්ලි කිසිම අඩුවක්‌ නැතිව තිබිලා මට දුන්නා. මට සල්ලි නැතත් කමක්‌ නැහැ මෙවැනි ගුණගරුක අය අපේ රටේ ඉන්න එක මොනතරම් සතුටක්‌ද?

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...