Technology Uncategorized 

‌ඇපල් අධිපති ස්ටිව් ජොබ්ස්ගේ ඔබ නොදත් කතා

ස්ටිව් ජොබ්ස් යනු අපි කවුරුත් දන්නා Apple සමාගම ලොවට බිහිකල පුද්ගලයාය.ඔහු විසින් වර්ථමාන ලෝකයයේ ගමන් මාර්ගය වෙනස් කලහ.මේ ඔහුගේ ජිවිත කතාවයි.මෙම කතාව ඔබට කොටස් කිපයකින් ගෙන එන්න අපි බලාපොරොත්තු වෙන්නෙමු.

පෝල් ජොබ්ස් සහ ස්ටිව් ජොබ්ස්

ස්ට්ව් ජොබ්ස් කුඩාකල සිටම ඉතා වෙනස් දරුවෙකි.ඔහුගේ මව වන්නේ ජොහානා ශිබල්ස් ය ඔහුගේ පියා මුස්ලිම් ජාතිකයෙක් වන අතර අබ්දුල්ෆාටා වේ.ජොහාන සහ අබ්දුල් විශ්වවිද්යාල ශිෂ්යන් වූහ.ස්ටිව් ඉපදෙන්නේ ජොහාන උපාධිය ලබා ගැනිමටද පෙරයි.අබ්දුල් සහ ජොහාන දරුවෙක් බලාපොරොත්තු නොවූ නිසා ඔව්න් හට තොරා ගැනීම් දෙකක් විය එකක් නම් කුලුදුල් දරුවා ගබ්සා කිරීමයි දෙවැන්න නම් දරුවන් නොමැති පවුලකට හදගන්න දිමයි.ඔව්න් ජිවත්වූ විස්කොන්සිස් ප්‍රන්තයේ එයට නිතියෙන් අවසර නොතිබුණ නිසා කුඩා ස්ටීව් දරුවන් නොමැති පවුලකට හදා ගැනීමට ලබාදුන්හ.

පොල් සහ කාරා

දරුවෙක්ගේ සෙනහස බලා පොරොත්තුවෙන් සිටි පොල් සහ කාර ස්ටීව් කුඩා කාලයේදීම බාරගත්තාය.ස්ටීව්ස් සහ කාරා විශ්ව විද්යාල අධ්යපන නොලබු පුද්ගලයන් විය. එම නිසා ජොහාන ළමයා ඔව්න්ට බාරදීමට මත්තෙන් ස්ටිව් හට අනිවාරෙන් විශ්ව විද්යාල අධ්යාපනය ලබාදිය යුතු ලෙස කොන්දේසියක් දැම්මාය.පොල් සහ කාර මධ්‍යම පාන්තික කම්කරුවන් විය. ඔවුන්ගේ අර්ථික තත්වය මත විශ්ව විද්යාල අධ්‍යාපනය ලබාදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවුනත්.ඒයට එකඟ විය.

ඉන්පසුව ඔව්න් දෙදෙනා එම දරුවා ස්ටීවන් පෝල් ජොබ්ස් ලෙස හැදින්වූවාය.පොල් සහ කාරා ස්ටීව් හට ඉතාමත් ආදරේ කලාය.තමා හදගත් දරුවෙක් වුනත් ස්ටිව් හට ඔහු බිහිකල මවගේ අදරය කිසිදිනක අවශ්ය නොවීය.ස්ටිව්ගේ ළමා කලය පුරාවට දෙමාපියන් කිසිම දින ඔහුට දඩුවමක්වත් කර නැත.පොල් මොටර් රථ කර්මිකයෙක් විය.ඔහුගේ විනොදාංශය වූයේත් පැරණි මොටර් රථ අලුත්වැඩියාවයි.පොල් අලුත් වැඩියා කරන රථවල කිසිම අඩුපාඩුවක් තිබුනේ නැත.පොල් මොටර් රථ අලුත් වැඩියා කරන ආකරය බලා සිටීමට කුඩා ස්ටිව් නිතර පුරුදු විය..

මුල්ම ඇපල් පරගණකය සැදු තම නිවස

පසුකලක අයිෆෝනය වැනි උසස් නිර්මාණ කිරීමට සහ එහි ඇසුරුමේ සිට කුඩා ඇණය දක්වා නිවරදි ප්රමිතියෙන් සහ මනා නිමවෙන් තිබිමට හෙතුව වූයේ ස්ටිව් කුඩා කාල සිට පොල්ගෙන් ලැබූ අභාශයයි.පාසල් යන විට ස්ටිව් ඉතා ඉක්මනින් ලිවිමට සහ කියවීමට ඉගෙන ගත්තේය.එමෙන්ම ඔහු නිතර දගකරන දරුවෙකු විය එම නිසා ගුරුවරුන් ඔහුව පාසලෙන් එළියට දමයි.පසල නිමවීමට පෙර ස්ටීව් ගෙදර පැමිනියත් ඔහුගේ දෙමපියන් කිසිම විටක ඔහුට සැරවැර කල නැත.4 වසරෙදී ඔහුගේ හැටි හදුනාගන්නා ගුරුවරයෙක් නිසා ස්ටිව්ගේ දඟ ස්වාභාවය වෙනස් වූහ.ඔහු ඉන්පසුව නිවුන බුද්දිමත් දරුවෙකු වූහ.

මව සහ පියාගේ අසීමිත අදරේ නිසාම ඔහු මදක් හිතුවක්කාර විය.ඔහුට යමක් වුවමනා නම් එය කෙසේ හො එය කරගනි.පසුකල ඇපල් සමාගම එවැන් විශිෂ්ඨ තැනකට පත්කලේද ඔහුගේ මේ ගතිගුණයයි.ස්ටිව් කියනා දෙයක් ඉංජිනේරුව කිරීමට බැහැලෙස කිව්වොත් ඔව්න් ඒ මොහොතේම ඉවත් කර ඒ දේ කිරීමට හැකි කෙනෙකු සොයාගනි.ස්ටිව්ගේ පාසල් කාලයේ ඉදිරිය සහ බුදු දහමට සහ හින්දු දර්ශනයට නැඹුරුවූ ආකාරය ඊළග ලිපියෙන් බලාපොරොත්තු වන්න..එතෙක් අප සමග රැදී සිටින්න…..

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...