Local 

ශ්‍රි පාදයේ නම රජය ගැසට් කර වෙනස් කරයි

ශ්‍රී පාදස්ථානය නම වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබේ. “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නාම ගත කොට ඇති අතර එය රජයේ ගැසට් පත්‍රයයේ පළ කොට එමගින් ප්‍රකාශයට පත් කිරිමට සියළු කටයුතු යොදා ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, අතිපූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න නා හිමියන් එසේ පැවසූයේ එළඹෙන ශ්‍රී පාද වන්දනා වාරයේ සමාරම්භක දිනයේදී සිදු කිරිමට නියමිත සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ඵෙතිහාසික ශ්‍රි පාදස්ථානය(ගෞතම ශ්‍රී පාදස්ථානය) දක්වා වැඩම කරවීමේ රිය පෙරහැර සංවිධානය කිරිම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ කැඳවීමෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පැවැති රැස්වීමේදීය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...