Entertainment 

රෝහින්ග්‍යා ගැටුම නිසා මියන්මාර සුරූපිණියට කල දේ

‘රකයින්’ පළාතේ සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය ‘රූ රැජින සම්මානය’ තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසයි.’රකයින්’ පළාතේ ගැටුම් සිදු කරන බවට රෝහින්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින්, ස්වේ ඒන් සි (Shwe Eain Si) නම් එම සුරූපී තරුණිය විසින් තැනූ ‘ග්‍රැෆික්’ වීඩියෝ පටයක් පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇත.

මියන්මාර රූ රැජින

ඉන් අනතුරුව අදාළ තරඟයේ සංවිධායකයන් විසින් දහනව හැවිරිදි සුරූපිනිය දිනා සිටි ‘රූ රැජින’ කිරුළ (Miss Grand Myanmar) අහෝසි කරනු ලැබ ඇත.
ස්වේ ඒන් සි (Shwe Eain Si) ඇය කිරුළු පළන් රූ රැජින තරඟයට අදාළ කොන්දේසි කඩ කර ඇතැයි පවසන තරඟ සංවිධායකයෝ ඇයගේ හැසිරීම ‘ආදර්ශමත් චරිතයකට නොගැළපෙන’ බව පෙන්වා දෙති.

තරඟ සංවිධායකයන්ගේ මතය බැහැරකරන ඇ පවසන්නේ “පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින” බවයි.

සිය ෆේස්බුක් පිටුවේ පසුගිය සතියේ පළ කරන ලද වීඩියෝ පටය මගින් අදහස් දක්වන ස්වේ ඒන් සි “අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව මුස්ලිම් ආගමික රාජ්‍යයක් (“caliphate-style movement” ) වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස හඳුන්වා දෙමින් එම ප්‍රහාරකයන් ඉවක් බවක් නැතිව ප්‍රහාර එල්ල කරමින් සිටින” බව පවසන්නීය.

උපුටා ගැනීම-BBC සිංහල වෙබ් අඩවිය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...