Lates Local 

‌පොල් 65 ට දීම අරඹයි සහන මිලට දෙන පොල් වල පාට රතු කරයි

Reading Time: 1 minute

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උපදෙස් මත පොල් වගාකිරීමේ මණ්ඩලයේ මෙහෙයවීමෙන් සහන මිලට පොල් බෙදා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ඊයේ (02දා) පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අබියසදී පැවැත්විණි.

රුපියල් 65ක් වැනි මුදලකට පොල් මිලදී ගැනීමට එහිදී පාරිභෝගිකයාට අවස්ථාව ලැබිණි.
එමෙන් ම මෙහිදී එක් පුද්ගලයෙකු සඳහා උපරිම වශයෙන් පොල් ගෙඩි 10ක් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන අතර වෙළෙඳසැල් හිමියන් වෙත මෙම පොල් පත්වීම වැළැක්වීම සඳහා පොල් ගෙඩි රතු වර්ණ ගැන්වීමක් ද සිදු කොට ඇත.

ඉදිරි සති දෙක ඇතුළත දිවයිනේ සියලු පළාත් ආවරණය කරමින් සහන මිලට පොල් බෙදා හැරීම සිදුවන බවත්, සහන මිලට සතොස මඟින් අද සිට (03දා) පොල් මිලදී ගත හැකි බවත් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවැසීය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...