Sport 

ශ්‍රි ලංකා ක්‍රිකට් තරගය දිනෙව්වේ තමා යැයි කියනා ගුරු මැණියන්නට කනේ පහරක්

මේ වන විට ඊයේ තරගය ලබාගත් ජයට හේතුව තමන් බව ගංගාසුදර්ශනී නම් තැනැතිය පවසයි…😜 ඇය facebook අඩවියට පවසන ලෙස ශ්‍රි ලංකාවේ නායක දිනේශ් චන්දිමාල් පාකිස්ථානු තරඟයට පෙර මෙම ගුරු මැණියන් හමුවී මැච් එක දිනීමට වරම් ගෙන ඇත…මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ මේ ගුරු මැනියන් චන්දිමාල්ට හදුන්වා දී ඇත්තේ ක්‍රිඩා ඇමතිය..මේ කියානා සූරවීර ගුරුමැණියන් ප්‍රකාශ කරන ලෙස ඇය ශ්‍රි ලංකා පිලට ස්වර්ණමය යුගයක් උදා කර දුන්නලු…😁😁😁

සාමන්‍ය‍යෙන් ඔනිම ක්‍රිඩවක් රඳා පවතිනේ තාක්ශණය සහ පුහුණුවීම මතයි.මේ වන විට ලංකාව ක්‍රිකට් ක්‍රිඩාවට මිලියන ගණනක් වියදම් කරයි.පිටරට පුහුණුකරුවන් යොදා ලංකා පිල පුහුණු කරයි.මේ කියන ලෙස මින් ඉදිරියට එච්චර කට්ටක් කන්න වුවමනා නැත.මින් ඉදිරියට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මේ ගංගාසුදර්ශනී ගුරු මැණියන් පත් කරානම් වැඩේ ගොඩය.එවිට ක්‍රිකට් වලට රජය වියදම් කරන මුදල්ද ඉතුරුවේ.ගහන ගහන මැච් සුපිරියට දිනයි…

චන්දිමාල් ශ ගුරුමැණියන්

ශ්‍රි ලංකාවෙ ව‍ර්ථමාන නායකයා මෙවැනි පීස්සන් පස්සේ ගොස් තරඟ දිනිමට සිතිම හස්‍යට කරුණකි.මේ කියනා ලෙස පාකිස්ථනු තරගයෙන් චන්දිමාල් ගැසූ 155 ගසා ඇත්තේද චන්දිමාල් නොව මේ ගුරුමැනියන්වේ.රංගන හෙරත් ගත් විකට් 5 ත් ගෙන ඇත්තේ රංගන හෙරත් නොව මේ ගුරුමැණියන් වේ.සාමාන්‍ය්න් ක්‍රිඩකය පුහුණුවීම් කර තම මහන්සියෙන් තරග දිනන් අතර ලංකාවේ ක්‍රිඩකයන් ගුරු මැණියන්ගේ මැජික් බලෙන් මැච් දිනයි.

විරාට් කොලි ලංකාවේ අංක එකේ පිතිකරු වී ඇත්තේ මෙවැනි ගොං ගුරුමැණියන් නිසා නොවේ. තම දක්ශතාවය සහ කැපවීම මතය.ලෝකයේ කිසිම කණ්ඩායමක් මෙවැනි කටයුතු කර මැච් දිනුවා කියානම් අප අසා නැත.ශ්‍රි ලංකා පිල මේ වන විට කොපමණ පහල වැටී ඇද්දැයි මේ සිදුවීමෙන් මනවට පැහැදිලිවේ.

එමෙන්ම සංගක්කාර සහ මහේල වැනි ක්‍රිඩකයන් ලොකයේ හොඳම ක්‍රිඩකයන් වූයේ මෙවැනි ගුරුමැණියන්ගේ පස්සෙන් ගොස් නොවේ.ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් මෙවැනි බොරුකාර ගුරුමැණිවරු ගැන විශ්වාස නොකර තම දක්ශතාව ගැන විශ්වාස කල යුතුය.නැතිනම් ශ්‍රි ලංකා ක්‍රිකට් විනාශ වී යනු ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...