Local 

ඊයෙ මැච් එක දිනන්න හේතු හෙලිවේ ප්‍රබල ගුරුමැණියන් මැච් දිනවයි

Reading Time: 1 minute

මේවන විට සමාජ ජාල හරහා ශ්‍රි ලංකා නායක දිනේශ් චන්දිමාල් සිටිනා චායාරුප කිහිපයක් හුවමාරුවේ.එනම් ඊයේ තරගයෙන් ලංකාව ජය ලැබුනේ බලවත් ගුරුකමක් මගින් බව පැවසේ ගන්ගා සුඩර්ශනී සොයිසා නම් ගුරු මැණියන් මෙම ගුරුකම කර ඇති බව ප්‍රකාශ කරයි.ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ මේ පිලිබඳ ඡායාරුප සමග පළැකර ඇත.

චන්දිමාල් ගුරු මැණියන් සමග

ඇය ප්‍රකාශ කල ඇති ලෙස දිනෙශ් චන්දිමාල් පාක්ස්ථානයට යාමට පෙර මෙම ගුරු මැණියන් හමුවී ඇත.ඇය ප්‍රකාශ කරන්නේ අදින් පසු ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ඇය ස්වර්ණමය යුගයක් උදා කරවන බවයි.මේ සඳහා දිනේශ් චන්දිමාල් හඳුවා දී ඇත්තේ ක්‍රිඩා ඇමති ලෙස ඇය දක්වයි.

චන්දිමාල් ශ ගුරුමැණියන්

ගන්ගා සුදර්ශනී සොයිසා යනු මහින්ද රාජපක්ශ මහතාසමගත් කුලුපගු සම්බන්ධයක් පවත්වන කෙනෙක් ලෙස ඇය තම ෆේස්බුක් අඩවියේ දක්වා ඇත.ශ්‍රි ලංකා කන්ඩායම ඊයෙ දින්නේ හුදෙක් දක්ශතාවය නොව ඇගේ ගුරුකම් නිසා බව ඇය පවසයි.

මේ ගැන අපටද වචන කීපයක් කීමට ඇත .වර්ථ්මානයේ ක්‍රිකට් ක්‍රිඩාව සදහා රජය මිලියන ගණනක් වියදම් කරයි.ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණුකරුවන්ගේද සහය ලබාගනී.ඔව්න් සදහා මසයකට මිලියන ගණනක් වියදම් කරයි.එසෙ නම් කරන්න ඇත්තේ ඉතා සුලු දෙයකි ගුරු මැණියන් ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය කිරීමය.මේව සිරාවට රට්ටු හිනස්සන වැඩය.තම මහන්සියෙන් පුහුණුවී ක්‍රිඩා නොකර එක එක ගුරුමැණියන් පස්සෙ ගොස් ඇප නූල් දමා මැච් දිනයි කියා සිතීම…ශ්‍රි ලංකාව වැටි ඇති තත්වය මනාවට පිළිබිබුවේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...