Sport 

වැලිකතරේ සිංහ දඩයම අරඹයි ලංකාව ලැබු ජය ගැන විස්තර සියල්ල

Reading Time: 1 minute

රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් පාකිස්තානු කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා එහිදී විශිෂ්ට පන්දුයැවීම නිතර වු රංගන හේරත් පාකිස්තානු ඉනිමේ කඩුලු 06ක් දවා ගැනීමෙන් ලංකාවට නොතිබූ ජයක් හිමිකරදීමට සමත් විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 136ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමේ ප‍්‍රබල කඩුලු 04ක් තේ පානයට පෙර ක‍්‍රීඩා ගාරයට යැවීමට රංගන ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා දග පන්දුයවන්නන් සමත් විය.තේ පානයෙන් අනතුරුව නායක සෆ්රාස් අහමඩ් හා පළමු තරගයේ පාකිස්තානු ඉනිමේ කොදුනාරටිය වු හැරස් සොහිල් එක්ව 06වන කඩුල්ල සදහා ලකුනු 42ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වුවත් එය ජයග‍්‍රහණය සදහා ප‍්‍රමාණවත් නොවීය

ජයග‍්‍රණයට මාන බලමින් ගොඩනෑගු එම සම්බ්නධතාවට තිත තැබු රංගන හේරත් යළි ක‍්‍රියාත්ම වෙමින් ලකුණු 19ක් ලබා සිටි සෆ්රාස් දවා ගැනීමට සමත් වු අතර ඩිල්රුවන් පෙරේරා ලකුණු 32ක් ලබා සිටි හැරිස් සොහිල් ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමෙන් දවා ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව යළි ක‍්‍රියාත්මක වු රංගන හේරත් හසන් අලී ලකුණු 9කටද මොහාමඩ් අමීර් ලකුණු 8කට ත් මොහොමඩ් අබ්බාස් ලකුනු 0කටත් දවාගනිමින් ශ‍්‍රී ලංකා කන්ඩායම ජයග‍්‍රහණය කරා කැදවාගෙන ගියහ.රංගනට අනගි සහයක් ලබාදුන් ඩිල්රුවන් පෙරේරා පාකිස්තනු ඉනිමේ කඩුලු 03ක් බිද හෙලීමට සමත් වුහ

ශ‍්‍රී ලංකා පළමු ඉනිම – සියලු දෙනා දැවී ලකුණු 419 යි.
දිනේෂ් චන්දිමාල් 155*, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83

පාකිස්තානු පළමු ඉනිම – සියලු දෙනා දැවී ලකුණු 422යි.
අසාර් අලී 85, හැරිස් සොහිල් 76

ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම – සියලු දෙනැ දැවී ලකුණු 138යි
නිරෝෂන් දික්වැල්ල 40*, කෞෂාල් සිල්වා ලකුණු 25 ,යෂීර් ශා 5/51

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...