Science 

සුදු වෙන්න ක්‍රිම් ගන්න කලින් මේ ගැනත් හිතන්න සීස්

Reading Time: 1 minute

කුංකුම ග්‍රෑම් එකක මිළ රුපියල් 1500 ක් වගෙ වෙනව. ඒත් ඒව දාල හදනව කියන ග්‍රෑම් 50 හෙ ක්‍රීම් ටියුබ් එක රුපියල් 250 කට විතර දෙන්නෙ කොහොමද ?සමහරවිට කම්පැණියෙ අයිතිකාරයා තමන්ට වුණ බියුටිකචල් අපලෙකට පිං පිණිස එහෙම කරනව ඇති නේහ්?මොනා වුණත් ඒ වගේ සද්ගුණවත් මිනිස්සුත් තාම මේ කලියුග කාලෙ ජීවත් වෙනව!

කුංකුම විතරක්නම් කමක් නෑ සුදු හඳුන්,වෙනිවැල්ගැට,දහං ගැට,නිල් වරිය,කෙහෙල් ඇවරිය,කස්තුරි කහ,පිටකහ කහ ,බිං කොහොඹ,ළිං කොහොඹ වගේ කැළේ ඉන්න සතෙක්වත් දැකල නැති හෙන ශාකසාර ඕවගෙ තියනව කියලනෙ කියන්නෙ..ඔව් ඔව් ඔය කිව්ව වගෙ සමහර ගස් වර්ග එයාල ෆැක්ටරි අස්සෙ වවාගත්ත ඒවද දන් නෑ ඔහේ කියනව ඉතින් ……

හොඳම වැඩේ කියන්නෙ ඉතින් ඕවා ඒ ගාණට ගන්නවම කියමුකො..සමහර ක්‍රීම් බෝතල් ෂැම්පු වල එහෙම තියන උපදෙස් කියවන්න එක්කො අත්කාචෙකුත් නොමිලේම දෙන්ඩ ඕනි!අන්තරාදායකයි කියල තියන ටික තමයි පොඩියටම තියෙන්නෙ .සමහර විට අපි ඒව නොදැක කරදරේ වැටිල ඉස්පිරිතාලෙ ගියාම එයාලට කොමිස් හම්බෙනව කියල හිතන් ඉන්නවද දන් නෑ…

ඔහොම හරි කියවගන්න පුළුවන් ඉතින් ඉංග්‍රීසියෙන් තිබ්බොත් නම්..අඩුම තරමේ මිළයි කල් ඉකුත් වෙලාද කියලයි හරි දැනගන්න බැරියැ…ගොඩක් වෙලාවට අන්තර්ගත වෙනදේවල් අතරේ දියුණු රටවල තහනම් කරපු රසායන ද්‍රව්‍ය ලංකාවෙ තියන රූපලාවන්‍ය නිශ්පාදන වල තියනව කියල තමයි කියන්නෙ……කියවන්න පුළුවන් වුණත් මිනිස්සු දැනුවත් නෑ නෙ මොනාද එහෙම අහිතකර දේවල් කියල ..ඒ නිසා ඒ ගැන මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් නම් ලොකු ප්‍රජා සත්කාරයක් වෙයි……
ඒකත් ඉතින් ගෙදර හිටිය එළදෙනගෙ කිරි ටික කඩේට දීල කිරිපිටි පැකට් එකක් අරන් ආව වගේ තමයි ..ස්වභාවික ශාකසාර මෙච්චර තියන මේ රටේ!

සමහර සුපර්මාර්කට් වල මේව ගන්න තෝරන කෙල්ලො ඉන්නව අරාබි අකුරු වලින් තියන ක්‍රීම් බෝතල් අරගෙන හෙන පොෂ් කියල පේන්න ඇඟිල්ල වමේ ඉඳල දකුණට තිය තිය කියවගෙන යනව හෙන භාෂා ඥාණය කියල පේන්න.අඩුම තරමෙ අරාබි කියවන්නෙ අග ඉඳල මුලට කියලවත් දන් නෑ!ඉතින් ඇරිය සුවඳ බැලුව අරන් ගියා…වෙලාවකට අරාබියෙන් ගෙන්නන ඔය නිශ්පාදන වල තියනවයි කියල තියෙන්නෙ එක්කො ඇමේසන් කැළේ ගහක් ,චීනෙ ගහක මුලක්, සයිබීරියාවේ ඇළක වතුර,එංගලන්තෙ කක්කුටු බෙනේක මඩ
බලන්න අපි වෙනුවෙන් කොච්චර දුර කතර ගෙවාගෙන ඕව ගේනව ඇද්ද නේ?

ඊටත් වඩා කට්ටම රූපලාවන්‍ය නිශ්පාදන බිස්නස්කාරයා තමයි ඉන්දියන්කාරයයි චීනයි..ලංකාවෙන් යනකොට එයාපෝට් එකේදි සෙරෙප්පුවෙ ගෑවුණ මඩ ටික ටින් කරල සති දෙකෙන් සුදු වෙනව කියල මෙහෙට එව්වොත් ඒත් ගාන උදවියනෙ ඉන්නෙ… අච්චර කෝටි ගාණක් මිනිස්සු ඉන්න රටවල් දෙකක් වෙලත් මේ ලබ්බෙ තොයිල් නටන රටේ මිනිස්සුන්ටම ඕව විකුණන්න දඟලන්නෙත් අන්න ඒ නිසාම තමයි !

ලංකාව තුළ රූපලාවන්‍ය නිශ්පාදන ගෙන්වීම හා බෙදා හැරීම නියාමනයට නිසි වැඩපිලිවෙලක් නැතිකම තමයි මේ ඔක්කොටම හේතුව වෙලා තියෙන්නෙ .එත් පාරිභෝගිකයාත් දැනගන්න ඕනි ටිකක් හොයල බලල ගන්න…ටීවි එකේ ඉන්න බොලිවුඩ් නිළියක් ගානව කියල පෙන්නුවම ගන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න මාසෙට කෝටි ගනන් සල්ලි උපයන නිළියො ඕව ගායිද කියල …

කොහොමත් වත්ත පහළ තියන කෝමාරිකා ගහට වඩා බාගෙට ඇඳගත්ත නිළියක් “ඇලෝවේරා ” කිව්වම ශා මාර ගති නේ!සමහරවිට ඒ බෝතලේ හදපු ෆැක්ටරියේ කම්කරුවා කෝමාරිකා පැළයක් දැකලවත් නැති වෙන්න පුළුවන් ..
කොහොම කොහොම හරි ඔය ගාපුවට හරියන්න බෙහෙත් ගාන්න වෙන දවසට අර ඇඩ් එකේ හිටපු කෙල්ලන්ටත් දද,කුෂ්ඨ ,බිබිලි එයි කියල හිතන්නනම් එපා!

උපුටා ගැනීම-sirakatha.lk

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...