Sport 

ශ්‍රි ලංකාව සහ පාකිස්ථනය අතර තරගාවලියේ අලුත්ම තත්වය

Reading Time: 1 minute

අබුඩාබි හි පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 419ට පිළිතුරු ලෙස තරගයේ සිව්වන දිනය වූ ඉරිදා (01) සවස තේ පානය වනවිට පාකිස්තානය සියලු ක්‍රීඩකයන් දැවී මුල් ඉනිම සඳහා ලකුණු 422ක් ලබා, ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 03ක් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී මෙදින තරගය නතර කරනවිට කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 69කි. ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු හයක් ඉතිරිව ලකුණු 66ක් පමණක් ඉදිරියෙන් පසු වේ.

නොදැවී ක්‍රීඩා කරන පිතිකරුවන් වූයේ කුසල් මෙන්ඩිස් (16) හා ලක්මාල් (02) ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු හතර වනුයේ දිමුත් කරුණාරත්න (10), ළහිරු තිරිමාන්න (07), කෞශල්‍ය සිල්වා (25) සහ නායක, දිනේෂ් චන්දිමාල් (07) ය.


යසීර් ෂා ලකුණු 25කට කඩුලු 2ක්ද, අසාඩ් සෆික් ලකුණු 7කට එක් කඩුල්ලක් ද, හැරිස් සොහේල් ලකුණු 7කට එක් කඩුල්ලක් ද දවාලූහ.මේ වන විට ශ්‍රි ලංකාවේ ගෞරවය රැකගැනීමට කුසල් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් හට විශාල වගකීමක් පැවරී තිබේ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...