Sport 

උමාර් අක්මාල්ට තරඟ තහනමක් – මිලියනයක දඩ මුදලක් මෙන්න හේතුව

Reading Time: 1 minute

පකිස්ථාන කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙක් වන උමාර් අක්මාල් හට තරඟ තහනමක් පැනවීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.එම තරඟ තහනමට අමතරව පකිස්ථාන මුදලින් මිලියනයක දඩ මුදලක්ද අයකර ගැනීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇති අතර මාස 02ක කාලයක් පකිස්ථානයෙන් පිට පැවැත්වෙන තරඟ ක්‍රීඩා කිරීමද උමාර් අක්මාල් හට අහිමි කර තිබෙනවා.

උමාර් අක්මාල් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ පුහුණු වීම අතර මිකී ආතර් තමන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු බවත් ඒ සම්බධයෙන් මිකී ආතර්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි.පාකිස්තානු ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතව ඇති කොන්දේසි උල්ලංඝනය කරමින් ඔහු මෙම මාධ්‍ය හමුව පැවැත්වීම නිසා ඔහුට මෙම දඩුවම ක්‍රියාත්මක කර තිබේ.මෙම තරග තහනම නිසා උමාර් අක්මාල් හට ශ්‍රි ලංකාව හා පැවැත්වෙන තරගයද අහිමිවේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...