Sport 

ක්‍රිකට් වලට නවතම නීති හදුන්වා දෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අලුතින් නිවේදනය කරනු ලැබූ තරග නීති මාලාව අද සිට (සැප්තම්බර් 28) ක්‍රියාත්මක වීමට නියමිතය.බරපතළ විනය විරෝධී ක්‍රියාවක යෙදුණු ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටියෙන් වහාම ඉවත් කිරීමේ බලය විනිසුරුවරයාට ලැබී තිබීම ක්‍රිකට් නීති මාලාවේ කැපී පෙනෙන සංශෝධනයකි.

මීට අමතරව ක්‍රිකට් පිත්තේ ප්‍රමාණය පිළිබඳව ද නව සීමා පනවා ඇත.පිත්තේ දිග පලල පිලිබඳ නීති වෙනස් වී නැති අතර,නමුත් පිත්තේ දාර සහ ඝණකම පිලිබඳ නීති වෙනස්ව ඇත.

තවද දුවද්දී දැවී යාමක් සඳහා වූ නීතියද සංශෝධනය වී තිබේ. විකට්ටුව බිඳ දැමීමට පෙර නියමිත රේඛාවට ඔබ්බෙන් එක් මොහොතකට හෝ පිත්ත තබා ඇත්නම් මින් ඉදිරියට එය ප්‍රමාණවත්ය. පිතිකරුවෙකු දවා ගැනීම සඳහා ‘ස්ටම්ප්’ කිරීමකදී ද මෙය වලංගු වේ.

ස්ටම්ප් කිරිම

හතරේ සීමාවට ඉහළින් ඇදී යන පන්දු රැක ගැනීමේදී, පන්දුව හතරේ සීමාව පසු කිරීමට ප්‍රථම පන්දු රකින්නා විසින් පළමුව පන්දුව ස්පර්ශ කළ යුතුය. නැතහොත් එය දැවී යාමක් නොවන අතර ඊට ලකුණු ලබා දෙනු ඇත.මෙම සියලු නව නීති ලංකාව සහ පකිස්ථානය අතර තරගයට වලංගුවේ….

උපුටා ගැනිම-BBC වෙබ් අඩවිය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...