Local 

දඹුල්ලේ 20 දෙනෙගේ ඇගේ අභ්‍යන්තර පනුවන්.සැතක්ම් කර ඉවත් කරයි

දඹුල්ල ප්‍රදේශයේ 20දෙනකුගේ ශරීරයේ අභ්‍යන්තරයේ පණුවන් විශේෂයක් සැත්කම් මගින් ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍යවරු පවසති.අද (26) මෙයාකාරයෙන් කුඩා දරුවන් දෙදෙනකුගේ පණුවන් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදුවිය.විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා ඇතුළු වෛද්‍යවරු පිරිසක් එම ශල්‍යකර්මය කළහ.

මේ වසර තුළ පුද්ගලයන් විසි දෙනකුට පමණ මෙවන් සැත්කම් සිදු කර පණුවන් ඉවත් කළ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අර්ථනායක මහතා පැවසීය. මෙසේ ශරීරගතවන පණුවන් අඟල් 3ත් 5ත් අතර වන බවත් දිගැටි සුදු පැහැති පණු විශේෂයක් බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

ශරීරයේ විවිධ ස්ථානවල අභ්‍යන්තරයේ කෝෂ සාදා ගෙන මෙම පණුවන් ජීවත්වන බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.විශේෂයෙන්ම කුඩා දරුවන් මෙම පණු විශේෂයට ගොදුරු වී ඇති බව වෛද්‍යවරු කියති.අර්ථනායක මහතා පැවසුවේ ගෘහස්ථ සතුන්ගෙන් මෙම පණු විශේෂය බොහෝ දුරට ශරීරගත විය හැකි බවත් මදුරු විශේෂයක් මඟින් මෙම පණුවා මිනිසුන්ට ශරීරගත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත්ය.

කාන්තා හා පිරිමි භේදයකින් තොරව මෙවැනි රෝගීන් හමු වී තිබෙන බවද හෙතෙම පැවසීය.
රටවල් ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබෙන බවත් ලංකාවේ අවස්ථා කිහිපයකදී මෙවන් සිද්ධීන් වාර්තා වී ඇති බවත් හෙතෙම කීය.

එහෙත් එක දිගටම දඹුල්ල රෝහලට මේ ආකාරයෙන් රෝගීන් පැමිණීම බරපතළ ප්‍රශ්නයක් බව වෛද්‍යවරුන්ගේ මතය යි.මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පණු විශේෂය සහ කෝෂ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යැවූ බව අර්ථනායක මහතා කීය.බොහෝ දුරට සම මතුපිටින් ගැටිති මතු වීමෙන් මෙම පණු රෝගය අනාවරණය කරගැනීමට හැකියාව පැවතිය ද ශරීර අභ්‍යන්තරයේ මේ ආකාරයෙන් පණුවන් රැඳී සිටියොත් හඳුනා ගැනීමට හැකි අවදානම් තත්ත්වයක් පවතින බව ද වෛද්‍යවරු පවසති.

මෙවන් රෝගීන් පිරිසක් දඹුල්ලෙන් වාර්තා වීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද අර්ථනායක මහතා ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම ලංකාදීප වෙබ් අඩවිය(lankadeepa.lk)

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...