Local 

‌රටේ නීති කඩා තිබ්බ දේවල් ලෝක වර්තා නොවේ

Reading Time: 1 minute

ගිනස් ලෝක වාර්තාව පිළබඳ මහජන සම්බන්ධතා කළමනාකරුවකු වන ඩොග් මාලි මහතා පැවසුවේ ගිනස් වාර්තාවක් තැබීමට නම්, එරට නීති වලට අවනත විය යුතු බවත්, කෙනෙකු තමන්ගේ රටේ නීති වලට පටහැණි ලෙස ක්‍රියාකර වාර්තාවක් තබන්න උත්සහ කරන්නේ නම්, එම වාර්තාව ගිනස් වාර්තාවක් ලෙස පිළිනොගන්නා බවයි.

රුවන් පුෂ්පකුමාර සහ සජීනි ප්‍රියංගිකා සුරවීරගේ විවාහ මංගල්යය සැප්තැම්බර් මස 21 වන දින මහනුවර දී පැවැත්වූ අතර, ලොව දිගම ඔසරි පොටට හිමි ගිනස් ලෝක වාර්තාවක් බිඳ දැමීමට ඔවුන් උත්සාහ දැරූවත් ඔවුන්ට සමාජය මාධ්‍ය හරහා විවේචනයට ලක්වුයේ පාසැල් ළමුන් මෙම සිද්ධියට යොදා ගැනීම නිසාවෙනි.

ගිනස් වාර්ථව තැනූ මනල යුවල

ගිනස් ලෝක වාර්තාව බිඳ දැමීමේ අරමුණින් ඔවුන් විසින් සරත් ඒකනායක පාසැලේ ළමුන් 250 කට ආසන්න ප්‍රමාණයක් එදින පාන්දර 2.30 ට පාසලට වාර්තා කරන ලෙස ඉල්ලීම් කර තිබෙන අතර ගන්නෝරුව – මහනුවර මාර්ගයේ කිලෝමීටර 3.5 ක දිග සාරිය අල්ලා ගැනීම සඳහා මෙම ළමයින් යොදා ගෙන ඇත.

පාසල් දරුවන් යොදාගෙන තිබූ ආකාරය

කෙසේ නම්ත් මේ පිළිබඳව අදාලා පාර්ශව පවත්වන පරීක්ෂණ හා ඒ හා සම්බන්ධව ඔවුන් ඉදිරිපත් කරන වාර්තා නිරීක්ෂණය තමන්ට ලැබෙන තුරු මෙය ගිනස් වාර්තාවක්දයි සලකා බැලීමට නොහැකි බවත්, එය ලැබෙන තුරු මේ පිළිබඳව අදහසක් දැක්වීමට නොහැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...