Sport 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන ඔබ නොදැන සිටි කරුණු

Reading Time: 2 minutes

මේ වන විට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ වන විට ලොව සිටිනා අංක එකේ පාපන්දු ක්‍රීඩකයෙක්.ඔහු FIFA World Player of the Year 2016 පවා ලබාගත් ලෝක පූජිත පාපන්දු ශූරයෙක්.ඔහුගේ වාර්ශික ආදයා මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 45 වන බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් රොනාල්ඩෝ අවුරුදු 31 පුරා මේ තරම් පැමිනියේ ලෙහෙසි පහසු ගමනක් නොවේ.
රොනාල්ඩෝ ඉපදී ඇත්තේ 1985 හේ පෙබරවාරි 5 වන දිනය.ඔහු ප්ෘතුගාල ජාතිකයෙකි.කුඩා ක්‍රිස්ටියානෝ ගේ නමට රොනාල්ඩෝ ලෙස නම් තැබීමට මව සහා පියාට සිතී ඇත්තේ එකල ඇමරිකාවේ සිටි ජනාධිපතිගේ නම රොනල්ඩ් රේගන් නිසාය.

රොනාල්ඩෝගේ පියා සහ මව

කුඩා කාලයේදී පටන් පාපන්දු රොනාල්ඩෝගේ ජිවිතයේම කොටසක් බවයි පැවසෙනේ. ඔහුගේ පියාගේ නම Dinis නම් වේ.ඔහු මත්පැන්වල ඇබ්බැහිවූ පුද්ගලයෙකි.ඔහු මත්පැන් නිසා 2005 වසරේදී මියගියය.රොනාල්ඩො මෙතෙක් ආ ගමනට මූලාරම්භය දී ඇත්තේ ඔහුගේ පියා සහ ඔහුගේ ඇපකාර පියා ලෙස නම් කරන ලද Jose Fernao Barros de Sousa වේ.

රොනාල්ඩොගේ මුල්ම ක්‍රිඩා සමාජය

රොනල්ඩොගේ පියා Dinis ඔහු kitman ලෙස Andorinha පාපන්දු ක්‍රිඩා සමාජයේ සෙවය කර ඇත.Dinis රොනාල්ඩෝ ඉපදුන විට බෞතීස්මයේදී ඇපකාර පියා ලෙස නම්කර ඇත්තේ ඔහුත් සමග එකට Andorinha ක්‍රිඩා සමාජයේ සේවය කල Jose Fernao Barros de Sousa වේ.තම පියාගේ ඇදුරුම් කම සහ රොනාල්ඩෝගේ දක්ශතාවය නිසා රොනල්ඩෝ වයස අවුරුදු 7 පමන Andorinha ක්‍රිඩා සමාජට එක්වී ඇත.ඔහුගේ පළමු පුහුණු කරු සහ ඔහුගේ පියාගේ මිතුරෙක් වන Barros Sousa පවසන ලෙස ක්‍රිස්ටියානෝ එක්වූ මුල්කාලයේ දි ඉතා කුඩා ශරීරයක් තිබු දරුවෙකි.

Barros Sousa රොනාල්ඩොගේ ඇපකාර පියා

කුඩා කල සිටම ඔහු දක්ශ ක්‍රිඩකයෙක් වී ඇත.එලෙසම ඔහුට බෝලය ක්‍රිඩාකරන විට හමු නොවුනොත් හඩනා බව පවසයි.කන්ඩායම පරාජය වුවත් රොනාල්ඩෝ හඩයි,රොනාල්ඩෝ අවුරුදු 12 පමණවන විට තරග දිනීමට මහත් ලෙස ආශා කල පුද්ගලයෙකි.ඔහු නිතරම හඩනා නිසා රොනාල්ඩොට ඔහුගේ කන්ඩායමේ ළමයින් ඇමතුවේ “Crybaby”කියාය.

කුඩා කාලයේ රොනාල්ඩෝ

එක් දිනකදී Nacional’s නම් ක්‍රිඩා සමාජයේ පුහුණුකරු රොනාල්ඩෝ ක්‍රීඩා කරන ලද Andorinha ක්‍රිඩා සමාජයේ ක්‍රීඩක‍යන් ක්‍රිඩා කරන අයුරු නැරඹිමට පැමිණියේය.ඒ වන විටද රොනාල්ඩෝගේ දක්ශතා හදුනාගෙන සිටි Andorinha ක්‍රිඩා සමාජයෙ පුහුණු කරු Barros Sousa රොනාල්ඩෝ Nacional’s නම් ක්‍රිඩා සමාජයේ පුහුණුකරු “Pedro Talinhas” හට හදුවා දෙන ලදි.

Pedro Talinhas පවසන ලෙස රොනාල්ඩෝ Nacional කණ්ඩායමේ නායකයා විය..තාක්ශණික අතින් ඉදිරියෙන් සිටි රොනාල්ඩෝ අනෙකුත් ක්‍රිඩකයන්ට වඩා වෙගවත් ක්‍රිඩකයෙක් විය. ක්‍රම ක්‍රමයෙන් රොනාල්ඩෝ පාපන්දු ක්‍රිඩාවේ ඉහලටම ගිය අතර ඔහුගේ මෙම ජයග්‍රහන පිටුපස සිටි යෝද සෙවනැල්ල වන්නේ ඔහුගේ පියාගේ මිතුරාද වන ඔහුගේ දක්ශතා පළමුව හදුනාගත් Jose Fernao Barros de Sousa

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...