Sport 

‌ලංකාවේ ක්‍රිකට් වල අවංක භාවය ගැන ICC යෙන් පරීක්ෂණයක්

Reading Time: 1 minute

සිය දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.එම පරීක්ෂණයට අදාළව දූෂණ විරෝධී ඒකකයේ (Anti-Corruption Unit) නිලධාරීන් මෑත දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය (International Cricket Council) සෙනසුරාදා (සැප්තැම්බර් 23) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳව සැක සංකා මතු වූ අවස්ථාවල ඒ පිළිබඳව සොයා බැලීම සිය ඒකකයේ කාර්ය භාරය බව සඳහන් කරන දූෂණ විරෝධී ඒකකය භාර අයිසීසී කළමනාකරු ඇලෙක්ස් මාෂල් (Alex Marshall), ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයේ කොටසක් වශයෙන් සිය කණ්ඩායම විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව ද පවසයි.

අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් එයට වඩා විස්තර හෙළි කළ නොහැකි බව පවසන ජගත් පාලක මණ්ඩලය, සිය පරීක්ෂණයට අදාළ විය හැකි කිසියම් හෝ තොරතුරක් වේ නම් [email protected] ඊමේල් ලිපිනය මාර්ගයෙන් තමන් වෙත යොමු කරන ලෙස ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ගෙන් ඉල්ලීමක් කරයි.

උපුටා ගැනිම -BBC සිංහල අඩවිය

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...