Local 

ලාංකික ඉංජිනේරුවන්ගේ යාපනයට වතුර දෙන්න් කරන අලුත්ම වැඩේ

Reading Time: 1 minute

යාපනය අර්ධද්වීපයේ පවතින දැඩි ජල හිඟයට පිළියම් ලෙස වර්ෂා ජලය ආරක‍්ෂාකර භාවිතයට ගැනීමේ නව ඉංජිනේරු සැලැසුමක් සහිත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.මෙම ව්‍යාපෘතිය යටතේ වඩමාරච්චි කලපුව ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 78 ක ප්‍රදේශයක් තුළ වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 20 ක් පමණ ආරක‍්ෂාකර ගනිමින් භාවිතයට සුදුසු ලෙස යොදා ගැනීමට සැළැසුම් කර ඇත.

වඩමාරච්චි කලපුව

මෙම ව්‍යාපෘතිය සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර වාරිමාර්ග අමාත්‍යංශයේ විශ්‍රාමික ලේකම් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධ්‍යක‍්ෂකවරයෙකු වන විද්‍යාජෝති, ඉංජිනේරු ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක වේ. අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ උතුරු පළාත් සංවර්ධන කමිටුව සහ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් ව්‍යාපෘතියේ ප්‍රගතිය අධීක‍්ෂණය කරයි.

පසුගිය සමය තුළ දී ඊශ්‍රාලය, ඇමරිකාව, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව ආදී රටවලින් පැමිණි විශේෂඥයන් විසින් යාපනය ජල අර්බුදයට වඩමාරච්චි කළපුවෙන් පිළියම් සෙවීමට උත්සහ කළ අතර ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසු මහා බ්‍රිතාන්‍යයේ සරේ සරසවියේ සේවය කළ ශ්‍රී ලාංකීය ඉංජිනේරු මහාචාර්යවරයෙකු වන ආර්. කේ. ගුගනේෂ්රාජා මහතා ඉදිරිපත් කළ විශිෂ්ට ඉංජිනේරු සංකල්පයක් යටතේ වාෂ්පීකරණය අවමවන ලෙස කලපුවේ වර්ෂා ජලය රැකගැනීමට මෙම නව ව්‍යාපෘතිය සිදුකරයි.

 
උපුටා ගැනීම -lankaenews.com

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...