Local 

වේල් පොටේ අමනයන් කුඩා දරුවන් යොදාගත් ආකාර හිලිවේ

Reading Time: 1 minute

මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් ළමයින් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් එම ළමයින්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී ඇති බවත් ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම අධිකාරිය නිවේදන යක් නිකුත් කරමින් පවසයි.

මෙලෙස යොදාගෙන ඇත්තෙ සරත් ඒකනායක විද්‍යාලයේ කුඩා දැරියන් වේ .පාසලේ විදිහල්පති සිරස නිවුස්ෆස්ට් වලට ප්‍රකාශ කරන ආකාරයට .2 ,3 සහ 4 ශ්‍රේනියේ දරුවන් සහ ගුරුවරුන් මෙම කාර්‍යට සහභාගිවීමට පැමිණ ඇ‍ත්තේ පාන්දර 2කට පමණය.පාසලේ සිට අදාල ස්ථානය ගෙන යන සිසුන් ගෙන 100 කට මල්කුමරියන් වීමට සිදුවූ අතර අනෙකුත් සිසුවියන් 150 ට වේල්පොට මහපාරේ ගැටීම වැලැක්වීමට පැය 4 පමණ ගිණි අවුවේ කරවෙමින් සිටීමට සිදුවිය.මල්කුමරියන් ලෙස සහභාගිවූ සිසුන්ට ගිමන් හැරීමට සිදුවූයේ මහ පාර අයිනේ කුණු කුඩ අසලය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...