Sport 

ක්‍රිකට් ක්‍රිඩකයන් එක්ව ලිපියක් ක්‍රිකට් ආයතනය ලබාදේ

Reading Time: < 1 minute

ක්‍රීඩකයින් රැකබලා ගැනීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව පවසමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගේ අස්සනින් යුතු ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (21) භාර දී තිබේ. මෙය ක්‍රිකට් ක්‍රීඩකයින් විසින්ම තමන්ව රැක දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කරන ලද පළමු අවස්ථාව වශයෙන්ද ඉතිහාසගත වෙයි.

නීතිඥවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ සකසන ලද එම ලිපිය ටෙස්ට් සහ එක්දින නායකයන් දේපල වැන් දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග විසින් ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට ලබා දී තිබෙන අතර, ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාද එම අවස්ථාවට එකතු වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ප්‍රධාන පෙළේ කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 30 දෙනාද ඇතුළුව ඉකුත් දා ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වූ සිම්බාබ්වේ සහ ඉන්දීය තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ක්‍රීඩකයන් 11 දෙනෙකු එම ලිපියට අත්සන් යොදා තිබීම විශේෂත්වයකි.වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉලක්ක කර ගනිමින් ඇතැම් පුද්ගලයන් දිගින් දිගටම එල්ල කරනු ලබන විවේචනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන බලධාරීන් මුනිවත රකිම මෙම ලිපිය යොමු කිරීමට ප්‍රධාන හේතුව වී තිබේ.

ඇතැම් මාධ්‍ය උපයෝගී කර ගනිමින් ක්‍රීඩකයන්ගේ කීර්ති නාමයට හානි පමුණුවනවා සේම මානසිකත්වයද බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කටයුතු කලද ඒ සම්බන්ධව මේ වන තෙක් නීතිමය පියවර ගැනීමට හෝ ක්‍රීඩකයන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීම සඳහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු නොකිරීම සම්බන්ධව ක්‍රීඩකයෝ දැඩි කනස්සල්ල සහ අප්‍රසධය පළ කර සිටිති.

පසුගියදා නිමවා දුටු සිම්බාබ්වේ සහ ඉන්දීය තරඟ අතරතුරදී ගනු ලැබූ තීරණ සම්බන්ධව 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයන් දේපොලක් වන ප්‍රමෝදය වික්‍රමසිංහ සහ රවින්ද්‍ර පුෂ්පකුමාර ඇතුළු බාහිර පාර්ශවයන් එල්ල කරන ලද පදනම් විරහිත සහ සාවධ්‍ය ප්‍රකාශයන් බොහොමයක් සමාජගත වූ බැවින් එම තත්ත්වය හරහා නායකයන් ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෝ දැඩි නායකයන් ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෝ දැඩි අපහසුතාවයකට පත් වූහ.

මෙවැනි ප්‍රකාශ දිගින් දිගටම එල්ල වුවහොත් ඉදිරියේදී තරගය අතරතුර අවදානම් තීරණ සහ තීන්දු ගැනීමට නායකයා සහ කණ්ඩායම පසුබට වන තත්ත්වයක් උද්ගත වීමේ ඉඩකඩක් නිර්මාණය වන බව ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට හිතැති ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහස වී ඇත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...