Local 

දෙහිවල සත්ව උද්‍යනය දැන් රාත්‍රියේත් විවෘත‍යි

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ප්‍රථම වරට රාත්‍රි කාලයේ පැය තුනක්‌ විවෘතව තැබීම අද (21 දා) දින රාත්‍රි 7.30 ට වනජීවී හා තිරසර බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රධාන මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට නියමිතය.

විදේශ රටක පිහිටි රාත්‍රී සත්ව උද්‍යානයක්

මෙහිදී සත්වෝද්‍යානයේ භාගයක ප්‍රමාණයක්‌ වාසය කරන නිශාචර සතුන්, බළල් පවුලේ සතුන්, මින් මැදුර ඇතුළු ස්‌ථාන රැසක්‌ මහජනතාවට දැකබලා ගැනීමට අවස්‌ථාව ලබාදී ඇති අතර ගමන් කිරීම සඳහා සාධාරණ මිලකට විදුලි බඩී රථ සීමිත ප්‍රමාණයක්‌ ද පා ගමනින් සතුන් නැරඹීමටද ඉඩ සලසා ඇති බව අධ්‍යක්‍ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය අප සමඟ පැවසුවාය.

‍රාත්‍රි සත්ව උද්‍යානයක්

අද (21 දා) දින ආරාධිතයන් සඳහා පමණක්‌ වෙන් කෙරෙන අතර හෙට (22 දා) සිකුරාදා රාත්‍රි 7.00 සිට සෙනසුරාදා, ඉරිදා යන දින දෙක ඇතුළත්ව සතියේ අවසන් දින තුන සත්වෝද්‍යානය රාත්‍රි කාලයේ මහජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට නියමිතය.

මෙහිදී සත්වෝද්‍යානය තුළට පොලිතින් වර්ග රැගෙන යැම සහ මත්පැන් රැගෙන යැම සපුරා තහනම් බවත්, ඒ සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක වන බවත් අධ්‍යක්‍ෂවරිය තවදුරටත් පැවසුවාය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...