Sport 

වෙන්සකම් රැසක් සමග අබුඩාබි යන ලංකා කණ්ඩායම

Reading Time: 1 minute

පකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයට ලහිරු තිරිමාන්න පත් කෙරෙයි.ඊයේ (සැප් 19) නිල වශයෙන් පත්වුණු, ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුතු නව තේරීම් කමිටුව විසින් මෙම පත්කිරීම සිදුකරනු ලබා ඇත.

ලහිරු තිරිමාන්න

ලහිරු තිරිමාන්න අවසන් වරට ටෙස්ට් තරගයක ක්‍රීඩා කළේ 2016 මැයි මාසයේ වන අතර එලෙස කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටි ක්‍රීඩකයෙක් එක්වරම උපනායකත්වයට පත්කිරීම විශේෂ සිදුවීමකි.මින් පෙර අවස්ථා කිහිපයකදී තිරිමාන්න කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කර තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පාදයේ ආබාධයක් නිසා පකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.ශ්‍රී ලංකා පිතිකරු බල ඇණියේ කුසල් ජනිත් පෙරේරා හා අසේල ගුණරත්න ද ආබාධ තත්වයන් හේතුවෙන් පකිස්ථානය සමග ඩුබායි නගරයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභගි නොවේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයන්ට ලක්වී සිටින ක්‍රීඩකයන් අතරින් ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා ඇන්ජෙලෝ මැතිව්ස් ය.ඔහුගේ, මින් පෙර ආබාධ රැසක් ඇතිවූ පාදයේම යළිත් ආබාධයක් හට ගෙන ඇති අතර එය බරපතළ නොවන බවයි වාර්තාවන්නේ.දඟ පන්දු යැවීමේ බළඇණිය රංගන හේරත්, ලක්ෂාන් සදකැන් හා දිල්රුවන් පෙරේරාගෙන් සමන්විත වන අතර ඉන්දියාව සමග ක්‍රීඩා කළ මලින්ද පුෂ්පකුමාරට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැත.

නායක චන්දිමාල්

සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු හා ලහිරු ගමගේ වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්කර තිබේ. නවක වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැත.දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම 24 වැනි ඉරිදා ඩුබායි නගරය බලා පිටත් වීමට නියමිතය.

අබුඩාබි ක්‍රිකට් පිටිය

මෙවර පකිස්ථාන කණ්ඩායමද නවක මුහුණු රැසකින් සමන්විත වන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන මිස්බාහුල් හක් සහ යුනිස් කාන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔවුන් සහභාගි වන පළමු ටෙස්ට් තරගාවලිය ද මෙය වේ.දින 40 කින් යුතු මෙම සංචාරය ටෙස්ට් තරග 2කින්, එක්දින තරග 5කින් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත වේ.තරගාවලිය මෙම මස 28වැනි දින අබුඩාබි නගරයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ආරම්භවේ.

උපුටා ගැනීම BBC සිංහල

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...