Sport 

එංගලන්න ජය සමග ලංකාවට වාසනාව පැදේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕල්ඩ් ට්රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ එංගලන්තයට එරෙහිව පළමු එක්දින තරගය පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 වසරේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය නිතරඟයෙන් සුදුසුකම් ලබා ගැනීමට හැකි විය.

2017 සැප්තැම්බර් 30 වන දින ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ විසින් එක්දින ලෝක කුසලානය තරඟාවලිය සඳහා වන ප්‍රසාද ලකුණු මත සුදුසුකම් ලබන කණ්ඩායම් සියල්ල තේරීම සඳහා වෙන් කළ දිනය වන අතර, බටහිර ඉන්දීය කොදෙව් පිල (ලකුණු 78) ක් ලබා සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම දැනට ලකුණු 86 ක් ලබා සිටිති. ඒ අනුව එංගලන්තයට එරහිව පවතින ඉදිරි තරඟ සියල්ල ජයගත්තත් බටහිර ඉන්දීය කොදෙව් පිලට ශ්‍රී ලංකා පිලේ ප්‍රසාද ලකුණු මට්ටම අභිබවා යාමට හැකියාවක් නොමැත.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග පැවසුවේ, ” අපේ කණ්ඩායම අසීරු කාලයක් ගෙවන බව සත්‍යකි. නමුත් අපි නැවත අපි හිටපු තැනට එනවා. අපිට අපි ගැන විශ්වාසයි. ICC තරඟ සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව ජීවයක් ලබාදී ඇති අතර නැවත වරක් එය ඔප්පු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙනි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...