Sport 

චාමරට දුන් දඩුවම වැරදී මහේල ට්විටරේට පවසයි

Reading Time: 1 minute

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වාට වසර 2ක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ගෙන ඇති තීරණය සුපිරි පිතිකරු මහේල ජයවර්ධන විසින් හෙළා දැක තිඛෙනවා. ට්විටර් මගින් මහේල පවසන්නේ තරග පාවාදීම ප්‍රතික්ෂේප කළ චාමර සිල්වාට වසර 2ක තහනමක් පනවා සිද්ධියේ වරදකරුවන්ට වසරක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව කටයුතු කිරීම අසාධාරණ බවයි.

අවංක ක්‍රීඩකයකු ලෙස චාමර සිල්වා කිසිදු අවස්ථාවක තරග පාවාදීමට සම්බන්ධ නොවන බවද ට්විටර් ඔස්සේ ප්‍රතිචාර දක්වමින් මහේල ප්‍රකාශ කරනවා.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සමයේ දැඩි අන්තගාමීව හා පසුගාමීව මෙන්ම සදාචාර විරෝධී ලෙසද කටයුතු කර තිබීම මෙරට ක්‍රිකට් පරිහානයේ ආරම්භය බවටයි චෝදනා එල්ල වන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහි තරගාවලියේදී මෙරට බුකි හා සූදු පලවල් හරහා තරග සම්බන්ධයෙන් නීතී විරෝධී ඔට්ටු ඇල්ලීම් සිදුවන්නේ සදාචාරයට ගරුකර ධුරයෙන් ඉවත්වීමට පවා ක්‍රිකට් ආයතනයේ ඇතමුන් කටයුතු නොකළ බවට ක්‍රීඩා ලෝලීන් දැඩිව චෝදනා එල්ල කරනවා

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...