Entertainment 

ක්‍රිකට් තරග දිනීමට නොවරදින ක්‍රමයක්

Reading Time: 1 minute

ගහ ගහන මැච් පරදිනවනේ මෙන්න මැච් දිනන්න සුපිරි ක්‍රමයක් මේකවත් ඉතින් කරලා බලමු…😂😂😂

ක්‍රීඩාලෝලී හිතවතුනි, මං ආසිරි ව$#ගරත්න … ..
අදත් මං ඔයාලගෙ පිළිකන්නට ඇවිල්ල ඉන්නෙ ක්‍රිකට් මැච් ජයගැනීමට උදව් වන ෆෙන්ෂුයි රහස් ගැන කතා කරන්න….මෙහෙම හැමදාම මැච් පැරදිලා බෑ නෙ…
මුලින්ම මැච් එක දවසෙ උදේම ක්‍රීඩකයන් සියලුදෙනා කපුරු බෝල දාපු මල් බාල්දියකින් ස්නානය කිරීම කරන්න ඕනි .මොකද ක්‍රීඩාවට අධිපති ෆුන්සුක් වුන්ගුඩු දෙවියා කපුරු සුවඳට ප්‍රියයි.


ඊළගට ඒ දෙවියාට පූජාව විදියට විස්කිරිඤ්ඤා තුනකුයි සමපෝශ අග්ගලාවකුයි කෝමාරිකා පිත්තකුයි පූජා කිරීම අනිවාර්යයි.ඒ විකට් එක,බෝලෙ සහ බැට් එක සිහිපත් කරමින් .
දැන් සපත්තු ඇතුළට බේබි පවුඩර් ටිකක් දා ගැනීමෙන් දෙවියන්ගේ බැල්ම ඔබට ලැබී තණතීරු අතර වේගයෙන් දිවීමේ හැකියාව ලැබෙනවා..
ඔබ හොඳින් පිතිකරණයේ නියැලෙන ක්‍රීඩකයෙක් නම් මැණික් කටුවේ ජීවක වාත තෛලය ආලේප කරගෙන දේව ආශිර්වාදය ලබාගත හැකියි.
මේ සියල්ල සම්පූර්ණ වූවත් ක්‍රීඩාපිටියේ භූමිදෝශ තිබෙනවානම් කටයුත්ත සාර්ථක වන්නෙ නැහැ… ඒ නිසා ක්‍රීඩාපිටියේ හරි මැද අරලිය තම්බපු හාල් කොට්ටයක් වළ දාන්න ඕනි..මතක ඇතුව එයට හිල් පොල්කට්ටකින් දිනකට තෙවරක් වතුර දාන්න..නයිට් ටයිම් ඩේටා වරු තුනක් අවසානයේ අන්තිම පියවර වශයෙන් ක්‍රීඩාපිටිය වටා කේෂර අලුහුණු වලින් රවුමක් ඇඳීම වැදගත් ….


කිසිම හේතුවක් නිසාවෙන් මේ ඉරට උඩින් පනින්නට එපා…කැච් එකක් මිස් වුණා වුවත්…එයින් ෆෙන්ෂුයි දෙවියන් කෝප විය හැකියි..
පිතිකරණයේ නියැලෙන විට එකිනෙකට එකක් කැපී යන පහරවල් එල්ල කරන්න එපා.එය අසුභදායකයි.ඉරට්ටේ සංඛ්‍යා එකපිට එක එල්ල කිරීමත් හොඳ නැහැ..එමෙන්ම ෆුන්සුක් වුන්ගුඩු දෙවියන් වැඩ සිටින ලකුණු පුවරුව දෙසට පහර එල්ල කිරීමත් අන්තරාදායකයි.
කඩුල්ල මුවා කිරීමෙන් වැලකීම සඳහා කෙමක් ලෙස කලිසමට යටින් දණහිසේ පෙරුම්කායම් බැඳීම වැදගත් වෙනවා..
විනිසුරුවරයාගේ ආශිර්වාදය ලබාගැනීමට නම් කලින් දිනයේ විනිසුරුවරයාට රුහුණේ කිරිහට්ටි දෙකක් සමඟින් අත්තන ඇට මිශ්‍ර බඹර පැණි තෑගි ලෙස ගෙනගොස් දීම ප්‍රමාණවත්…..
විශිෂ්ට ජයග්‍රහණයක් නැරඹීම සඳහා ක්‍රීඩාලෝලී ඔබට මාරුකාසි පිහිටයි..
ලිව්වේ – Ishu Windy

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...