Local 

‌වසර 2500 බෞද්ධ අභිමාණය විනාශකරමින් හොරාට කඩේ ගිය හැටි

Reading Time: 1 minute

පින්ඩපාත වඩිනා ස්වාමින් වහන්සේලා දැක්ක්මද හිතට සැන්සීම ගෙන දෙන කරුණැකි නමුත් හොරුන් වෙනුවෙන් චිවරයේ ගෞරවය විනාශකරමින් පාතරේට සල්ලි එකතුකරනා චිවර ධාරින් දැකීම පිලිකුල් සහගතය.එවැන් උන්දලාට සංගයා වහන්සේ ලෙස ඇමතීමද සිල්වත් ගුණැවත් සංගයා වහන්සේට කරනා අගෞරවයකි.

සිල් රෙද්දකට මුවා වී මැතිවරණ සමයේ මහජන මුදල් සොරකමකට සම්බන්ධ අපරාධ කරුවන් දෙදෙනෙකුට අධිකරණයෙන් දඬුවම් පැනවීය. අවශ්‍ය නම් ඇපෑලක් ඉදිරිපත් කළ හැකි බව ද විනිසුරු වරයා නියෝගය දෙමින් ප්‍රකාශ කළේය. එසේ කරන බව අදාල පුද්ගලයන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පැවසුවේ උසාවිය තුලදීම ය. නීතියේ ස්වභාවය එයයි. සමහර විට අභියාචනාධිකරණය විසින් ඉහත පුද්ගලයන් දෙදෙනා නිදහස් කරන්නට ද ඉඩ ඇත. ඉදිරි තීන්දු ගැන අපට කිසිවක් පැවසිය නොහැකිය.

සිල් රෙදි වැරදිකරුවන්ගේ දඩ මුදල් ගෙවන්න මුදල් එකතුකරනා ආකරය

දඬුවම් දී ඇත්තේ වැරදි කළ උන්ට ය. ඒ සඳහා නියෝග දුන්නේ තමන් බව හිටපු ජනපති ප්‍රසිද්ධියේ කීවේය. සොරකම සැළසුම් කිරීම, අනුබල දීම, මෙහෙයවීම යන මේ සියල්ල වැරදි ය. සැබවින්ම විය යුත්තේ සියල්ලන්ටම දඬුවම් දීමය. ඒ සඳහා ප්‍රබල ජනමතයක් ඇති කිරීමය. ඒ වෙනුවට සොරුන්ට නියම කළ දඩ මුදල ජනතාවගෙන් එකතු කර ගෙවීමට සූදානම් වීම මොන තරම් නිර්ලජ්ජිත වැඩක් ද? එය ගෙවන්නේනේ පිණ්ඩ පාතයෙන්ය. අපරාධ කරුවන් නිදහස් කර ගැනීමට පිණ්ඩපාතයෙන් මුදල් එකතු කිරීම කවරනම් බුදු වරයෙකුගේ නියමයක් ද?

මේ වන විට ලංකාවේ බුදු දහම අන්තයටම පිරී ඇත සොරුන් බේරා ගැනීමට තම පාත්තරයට සල්ලි එකතු කරන චීවර ධාරින්ගෙන් ඒ බව මනාවට පසක් වේ.කහ සිවුර දමාගත් පමණින් කෙනෙකු බුද්ධ පුත්‍රයෙක් වන්නේ නැත.ඒ සදහා සිදුකල යුතු කැපවීම් ඇත අද සිටින්නේ කහ සිවුර දමාගෙන තම සුක්‍යවිහරණය උදේසා දේසපාලුවන්ට කඩේ යන පිරිසකි.ඒ අතර සිල් රකිමින් බුදුන් දෙසු මග ගමන් කරනා උත්තම ගණයේ සංගයා වහන්සේලා ද ඇත.හොරුන් වෙනුවෙන් සිවුර කරට ගෙන උදේහවා දේශපාලුවන්ට කඩේ යන චිවරධාරින්ට “සංගයා වහන්සේ”නමින් ඇමතීමෙන් අර පෙර කිව් සිල් රකිණැ ගුණ දහම් ප්‍රගුණ කල සංගයා වහන්සේලාට කරනා අගෞරවයකි.

පිඬු සිඟා යාම නොහොත් පිණ්ඩ පාතය කිරීම යනු ගිහි ගෙය අතහැර මහණ දම් පුරන්නෙක් කෑම ටිකක් යොයා ගැනීම සඳහා යන ගමනක් පමණි.බුදුරදුන් දේශනා කල ඇත්තේ පින්න පාතය මගින් පොශණය කල හැක්කේ තම මව පමණක් කියාය.එලෙස කියා තිබියදී හොරුන් බේරා ගැනීමට ලැජ්ජාවක් නොමැතිව තම පාත්තරයට මුදල් එකතුකරන්නේ බුදුදහම විනාශ කරනා සොරුන්වේ.ඔව්න්ට මුදල් දු උදවියද සිදුකරගන්නේ මාහත් පාපයකි.

වර්තමානයේ සිටිනා මිලියන ගනන් ගසා කන හොරුන් ඔවුන්ගේ ආරක්ශාවට යහමින් මුදල් ,අයිෆෝන්,මොන්ටෙරෝ දෙමින් අමුතුම ගණයේ චීවර දාරින් පිරිසක් බිහිකරන් ඇත.උදාහරණයක් ලෙස කුඩු විකුණන එකාත් කුඩු විකුණා ලැබුන මුදලින් ධාතු පෙන්වයි…ඒලෙස කරනේොව්න් කරන්නෙ බුදුදහමේ යහපතට උදේසා නොවේ කුඩු විකුණු එකා පොලීසියට මට්ටු වුන කල අර කුඩු කාරයගෙන් පෝශණය වූ චීවර දාරින් යොදවා ගමේ සිටිනා අහිංසක දුප්පත් ජනයා රවටා උද්ගෝශණය කර ජන බලයක් මවා තම වරදින් නිදහස් වීමටය.

අද සිටිනා මාධ්‍යයේ රංගා බොහෝ චීවර ධාරින් මුදලට .දෙශපාලන බලේට යටවී සිටිනා පිරිසකි.ඔවුන්ගේ ඇති සිල්වත් කමක් නැත.මිට වසර දහස් ගණනක සිට සිට සිල්වත් ගුණවත් සංගායා වහන්සේ නිසා අදටත් අපේ සමාජයෙ කහ සිවුරට ගෞරවයක් ඇත.එම ගෞරවය යොදගනිමින් මෙම අමනයන් ආස විදිහට ක්‍රියා කරති.ඔව්න්ට වචනයක්වත් කිව් විට බුද්ධ පුත්‍රයන්ට අපහස කරා කියමින් කැමො‍ර ගසයි…සිවුර ඇදන් ඔව්න් කරනා බලු කම් පෙනීමට ඔව්න්ගේ ඇස්වල හෙන ගසා ඇත්දැයි නොදනමි.

ඔබ බුදු දහමට ගෞරව කරන නියම බෞද්ධයෙක් නම් නුවණැති විය යුතුය .මේ සිටිනා දෙශපාලන රුකඩ බවට පත්වූ චිවරධාරින් විනිවිද ගොස් නියම දහම තෙරුම් ගැනීමට බුද්ධිමත් විය යුතුය.ලංකාවේ සිට්නා මාහා නායකයන් කියා කියාගන්නා පිරිසත් ඒ ගොඩේය.තමන්ට ලොකුම කුට්ටිය ලැබෙන පැත්තට රෙදි නැතුව කඩේ යති.ඔව්න් හරිය සිටී නම් මේ විනාශයෙන් බුදුදහම් රැකගත හැක .එයද දැන් සිදු නොවේ…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...