Foreign Political 

ට්‍රම්ප් ලංකව දෙනා ආධාර කපන්න හදයි

Reading Time: < 1 minute

ශ්‍රී ලංකාවට ලබාදෙන අධාර පසුගිය වසරට සාපේක්ෂව 92%කින් කපා දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාව අමෙරිකාවේ සෙනෙට් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාවට 2018 වසර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 43ක් ලබා දීමට පරිපූරක ඇස්තමේන්තුවක් පෙරේදා සෙනට් සභාවට ඉදිරිපත් කර තිබිණි.ඉන් මිලියන 35ක් ආර්ථික සහයෝගීතා අරමුදලටත්, තව ත් මිලියන 6.8ක් ත්‍රස්තවාදය වැලැක්වීමටත්, ඉතිරි ලක්ෂ 5ක් විදේශ හමුදාමය කටයුතු සඳහාත් තව ත් එවැනිම ප්‍රමාණයක් හමුදා පුහුණුවීම් සඳහාත් යෙදවීමට මෙම ඇස්තමේන්තුවෙන් යොජනා වී තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා තිබුණේ මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් 92%ක් කපා දමන ලෙසයි.

එහෙත් ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම්වන ආධාර ප්‍රමාණය එෆ් 35 ප්‍රහාරක යානයක් නිපදවීමට යන වියදමට වඩා අඩු බව පෙන්වා දෙන කොංග්‍රස් පක්ෂ සෙනට් සභික ටෙඩ් යෝහෝ පැවසූවේ, ලෝකයේ ඉතා වැදගත් මුහුදු මාර්ගයක පිහිටි ඇමරිකාවෙ ඉතාමත් මිතුරු රටක් වන ශ්‍රි ලංකාවට ලබාදෙන ආධාර කපාහැරීම නුසුදුසු ක්‍රියාවක් බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...