Entertainment 

ඇපල් ඉවෙන්ට් එක ලංකාවේ තිබ්බ නම්

Reading Time: 1 minute

ලංකාවේ ඇපල් ඉවෙන්ට්එක තිබ්බා නම් කොහොමට හිටීද?එහෙනම් අපේ හෙළ සිරිතට මොනවා කරයිද?පාලතේ ඇමති ගෙනල්ලා පොතෙල් පහන් පත්තු කරලා හෙන විකාරයක් නටයි.මෙන්න ලංකාවේ ඇපල් ඉවෙන්ට් එක තිබ්බ නම් කොහොමට හිටීද කියලා Tharu Kulatunge ලියතිබ්බ පොස්ට් එකක්…කියවලම බලන්න ..හිනා වෙලා පණයනවා…😜😜😜

  1. 2.00 pm- පිරිස අසුන් ගැනීම
  2. 2.10 pm – ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාප්තිය (මෙය සාමාන්‍යෙන් පැයක ප්‍රමාදයකින් පසු සිදුවේ)
  3. 2.20 pm- චාරීත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීම
  4. 2.30 pm- පිරිස පංචසීලයේ පිහිටුවීම
  5. 2.45 pm- පිළිගැනීමේ කතාව
  6. 3.00 pm- මියගිය ස්ටීව් ජොබ්ස් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ධතාවයක් පැවැත්වීම
  7. 3.01 pm- “ඇපල් ඇපල් රසම ඇපල්” යන මැයින් රාජාංගනය යාය දෙක මැදි විදුහලේ ළමුන් විසින් ගයන ගීතය ගායනා කිරීම.
  8. 3.15 pm- iPhone 8, iPhone 8+ දුරකථන හදුන්වාදීම.
  9. 4.00 pm- ආරාධිත අමුත්තාගේ දේශනය
  10. 4.15 pm- සිරී ට හඬකවන කාන්තාවගේ කතාව
  11. 4.30 pm- “ඇපල් රස නොලත් කාන්තාවට උන දේ” යන මැයින් වෙල්ලමුල්ලි වෛක්කාල් නවෝද්‍යා පාසලේ සිසුන් ඉදිරිපත් කරන නාට්‍යය
  12. 4.45 pm- Apple iPhone X දුරකතනය හදුන්වාදීම.
  13. 5.30 pm- පළමු Apple iPhone X දුරකතනය ආරාධිත අමුත්තාට පිළිගැන්වීම.
  14. 5.40 pm-ස්තූති කතාව.
  15. 6.00 pm- ජාතික ගීතය ගායනය සමඟින් වැඩසටහනේ නිමාව

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...