Foreign Sport 

තිසරගේ සුපිරි ඉණිම

Reading Time: 1 minute

තිසර පෙරේරාගේ වේගවත්  පිතිහරඹය සහ  අවස්ථානු කුල පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී  පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබීමට ලෝක කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායම කඩුලු 3 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමටද ලෝක කණ්ඩායම සමත් වූයේය.

 

තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 13 ක් රැස්කිරීමට සිදුව තිබූ අතර එම ඕවරයේ 5 වැනි පන්දුවට තිසර පෙරේරා එල්ල කල දැවැන්ත හයේ පහරින් ලෝක කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් විය. පන්දු 19 කදී දැවැන්ත හයේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 47 ක් රැස්කළ තිසර තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේ පන්දු යැවීමේදී ප්‍රබල පකිස්ථාන කඩුලු දෙකක්ද දවාගැනීමෙන් පසුවය.

ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් ලෝක කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. තිසර සහ අම්ලා එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 69 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ලෝක කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන ගියහ.අවසාන පන්දුවාර කීපයේ අම්ලා පාලනය කිරීමට පකිස්ථාන පන්දු යවන්නන් සමත් වීමත් සමඟ තිසරගේ ක්‍රියාත්මක වීම පකිස්ථාන පන්දු යවන්නන්ට මෙන්ම අම්ලාටද අදහාගත නොහැකි ආකාරයේ ප්‍රහාරයක් විය.

කලකට පසුව පකිස්ථාන ප්‍රේක්ෂකයන්ට තම  දෑස් මානයේ සුපිරි තරඟයක් නැරඹීමට අවස්ථාව සලසා දුන් තිසරට ගඩාෆි ක්‍රීඩාංගනයේ දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්ද දක්නට ලැබිණි.තමන්ගේ සුපිරි ප්‍රහාරකයා වන ඩේවිඩ් මිලර්ටත් වඩා තිසර කෙරෙහි ෆැට් ඩුප්ලේසි තැබූ විශ්වාසටය තිසර තම උපරිමය ලබා දුන්නේ තමා ජාත්‍යන්තර පිටියේ සිටින විශ්වාස තැබිය හැකි තරඟ දිනවන්නෙකු බවද පසක් කරමිනි.මෙය පසුගිය කාලයේ තිසර පෙරේරාව විවේචනය කල පුද්ගලයන්ට කනේ පහරක් වූවාට සැක නැත…😍😍😍😍🇱🇰🇱🇰🇱🇰

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...