‌ලංකාවත් සහභාගි වෙන පාකිස්තානු ක්‍රිකට් වසන්තය

Reading Time: 1 minute

ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තානයේ ලාහෝර් නුවරදී T20 ක්‍රිකට් තරගයක් ඔක්තෝම්බර් 29 එකඟවී ඇත.නමුත් එය World Eleven තරඟාවලිය පාකිස්ථානය තුල සාර්ථකව නිමවුවොත් පමණි.

ලෝක ක්‍රිකට් කන්ඩයමේ නයක සහ පාකිස්තානු නායකයා

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථානය අතර තරගාවලියක් සැප්තැම්බර් 28 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතය.දිවා රාත්‍රි ටෙස්ට් තරඟාවලි දෙකක් , එක්දින තරඟාවලි 5 ක් සහ T20 තරඟාවලි 3ක් පැවැත්වීමට නියමිතය.

PCB(පාකිස්තානු ක්‍රිකට් පලක මන්ඩලය) පවසන්නේ ශ්‍රි ලංකාව නැවත පාකිස්ථනයට ජාත්‍යන්තර ක්‍රිකට් ගෙන ඒමට එක්වීම පිලිබඳ ඔවුන්ගේ ප්‍රණාමය දක්වන බවයි.

2009 යේ ශ්‍රි ලංකා ක්‍රිඩා කණ්ඩායමට සිදුවූ පහර දීමෙන් පසු පාක්ස්තානයේ පැවැත්වෙන ප්‍රථම ඡාත්‍යන්තර තරඟාවලිය වන්නේ මෙම තර්ඟාවලි වේ.මෙම තරඟාවලි සදහා පාකිස්ථාන සහා ICC එක්ව විශේෂ ආරක්ෂක වැඩපිලිවලක් යොදා ඇත.

වාර්තාවන ලෙස මෙම ආරක්ශක වැඩපිලිවල මිට මාස ගණනක සිට සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද වැඩපිලිවලක් වේ.විදේශ ඔත්තු අංශද මේ ආරක්ශක වැඩපිලිවල සම්බන්ධව බව සදහන්වේ.මීට සතියකට පෙර ICC යේ විශේෂ ආරක්ශාව පිලිබඳ විශේෂඥයන් පිරිසක් සංචාරයක නිරතවී පාක්ස්ථානයේ වර්ථමාන ආරක්ශක තත්වය සොයා බැලීය.

ක්‍රිඩකයන් නවතින හෝටල් සහ ගඩාෆි ක්‍රිඩාංගනය අවට ප්‍රදේශයට දහසක පමනණ පොලිස් නිලධාරින්ද පාක්ස්තානු හමුදාවද ආරක්ශාව සලසයි.එමෙන්ම තරග පැවැත්වෙන කාලයේ ක්‍රිඩාංගන අවට මාර්ග වසා දැමෙන බවද සදහන්ය.එමෙන්ම ස්තර 6 කින් යුතුව ආරක්ෂක කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

මේ වන විට පාකිස්ථානය තුල නැවත ක්‍රිකට් උන්මාදයක් මතුව තිබේ.සමාජ ජාල හරහා පාකිස්ථානු වැසිය නැවත ජාත්‍යන්තර ක්‍රිකට් තරග තම රට තුල පැවැත්වීම ගැන තම සතුට පලකරයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...