Local Political 

සිල් රෙදි නඩුවට අවුරුදු 3 ක් හිරේ

Reading Time: < 1 minute

කොළඹ මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට අවුරුදු තුන බැගින් බරපතල සිරදඬුවම් වලට යටත් කරනු ලැබුණි.

2015 ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් කෝටි හැටක් (මිලියන 600) වැය කරමින් සිල් රෙදි බෙදා දුන් බවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනුෂ පැල්පිටට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබුණේ රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග චුදිතයන් අදාළ චෝදනාවලට වැරදිකරුවන් යයි ප්‍රකාශයට පත් කරමින් එම දඬුවම් නියම කළේය.

කෙසේ වෙතත් ජනතාව මේවන විට පවසන්නේ මෙවාට උපදෙස් දුන් අයට හිමිවන දඩුවම කුමද්ද යන්නයි.මෙම සිල් රෙදි බෙදීම සිදුවුයේ පසුගිය ජනාධිපතිවරණය සමයේය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...