Sport 

හෙට මැච් එක තියයිද???

Reading Time: < 1 minute

ශ්‍රී ලංකාවේ ගෞරවය මදක් හෝ රැක ගැනීමට ඇති එකම අවස්තාව වන්නේ මෙම සංචාරයට ඇතුලත් වී තිබෙන එකම විස්සයි විස්ස තරගය ජය ගැනීමෙන් පමණි.

නමුත් එම තරගයද හෙට දිනයේ නොපැවැත්වෙනු ඇති බවට මේ වන විට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් වාර්තා වනවා.ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය ඊයේ දවස සේම අද දවසේද වැසි සහිත කාලගුණය හේතුවෙන් මුළුමනින්ම වසා තැබීමට සිදුව තිබෙනවා.අද දිනයේ කොලබ නගරයට නොකඩවා වර්ශාපතනයක් ලැබුණු අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් හෙට දිනය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.

කෙසේ වෙතත් හෙට දිනයේ තරගය නොපැවැත්වීමට සිදු වුවහොත් වෙනත් දිනයකදීද තරගය පැවැත්වීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ට තීරණයකට එලබීමට නොහැකි වනු ඇත.එනම් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය සදහා පුහුණුවීම් කටයුතු සිදු කිරීමට ඉන්දීය කණ්ඩායමට තම මව්බිමට යාමට සිදු වන නිසා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...