Sport 

දුක දිනා ලොවම ජයගත් අකිල ධනංජය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුනු දෙවන එක්දින තරගයේදී ඉන්දීය කණ්ඩායමේ කඩුලු හයක් දවාගෙන තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් අකිල ධණංජය පිළිබදව අන්තර්ජාතික මාධ්‍යයේ පවා කතාබහක් ඇතිව තිබෙනා මොහොතක අකිල ධණංජය පිළිබදව අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයෙන් සැදූ විඩීයෝවක් අපට හමු වුනා.

සිය ක්‍රිඩා දිවිය ආරම්භ කළ ස්ථානයේ සිට සියල්ල හෙළි කරනා අකිල තමන් කුඩා කළ ගතකළ දුක්බර දිවිය පිළිබදවද මෙහිදි හෙළි කර සිටිනවා.

“පොඩි කාලේ ඉඳන් මගේ ආසාව වෙලා තිබ්බේ ක්‍රිකට් සෙල්ලම් කරන්න, මම කිර්කට් වලට පොඩි කාලේ ඉඳන් ආසා කලත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් ලොකු බලාපොරොත්තු තිබ්බේ නැහැ.

වසර කිහිපයකට පෙර පාසල් ක්‍රිකට් තරුවක් වූ අකිල, පසුව ඔහුගේ ක්‍රිකට් ලොවේ විරුවන් වන මහේල සහ සංගක්කාර සමගද ක්‍රීඩා කිරීමට අවස්තාව උදා කරගත්තේය. පානදුර ප්‍රදේශයේ පදිංචි අකිල ඉස්සර බස් එකේ ගියත්, දැන් ඔහු සාර්ථකයි. ඔහු අපව එක්කන් ගියේ ඔහුගේ වාහනේ.

මමං උපයන මුදල් මට මනාව කළමනාකරණය කිරීමට අවශ්‍යයි. මං බොහෝ අවස්ථා වල මට ලැබෙන සල්ලි ටික මගේ තාත්තට දෙනවා. මං තවම තරුණ කොල්ලෙක්. මට ක්‍රීඩාව වගේම මගේ ජිවිතයත් විඳින්න අවශ්‍යයි.

අකිල ධනංජයගේ පියා පැවසුවේ ” ඇත්තටම පුතා ගැන ආඩම්බරයි. එයාගේ පුහුණුකරු මට ඇවිත් කිව්වේ පුතාගේ ලේ වලම ක්‍රිකට් තියන බව. සමහර දවස් වල රෑට මං පිට්ටනි වලට ඔහුව හොයන යනවා. ඔහු ක්‍රිකට් වලට ගොඩාක් ප්‍රිය කරන චරිතයක් ”

මං පොඩි කාලෙම සෙල්ලම් කරද්දී අපේ ගමේ කට්ටිය කිව්වා මගේ කිසියම් සැඟවුණු දක්ෂතාවයක් තියනවා කියලා සහ මං කවදාහරි ක්‍රිකට් වලින් ඉදිරියට යන බව. මං පාසැල් කාලේ ක්‍රීඩා කරනකොටත් නිතරම කඩුලු ගත්ත ක්‍රීඩකයෙක් වුනා.

ගුග්ලි සහ පා දඟ පන්දු යැවීම සමග මට විදි හතකරට පන්දු යැවීමට පුළුවන්. ඉතින් මාව කණ්ඩායමට තොරගනිද්දී මගේ පන්දු යැවීමේ වෙනස් ඉරියව් නිසා මට ලොකු තැනක් සහ ප්‍රමුඛතාවයක් ලැබුනා. ගොඩාක් පිතිකරුවන්ට මගේ ගුග්ලි පන්දුව අඳුනගන්න අමාරුයි. ඉතින් ඒක මට කඩුලු අතරට යාමට ලොකු වාසියක්.

මම SLPL ක්‍රීඩා කරපු කාලයේ, ක්‍රීඩා කර පැමිණෙන කොට අපේ ගමේ කට්ටිය මාව මල්මාල දාලා ලොකු රථ පෙළපාලියකින් පිළිගත්තේ. ඇත්තටම මට දැන් ලොකු පිළිගැනීමක් වගේම විශාල රසික පිරිසක් සිටිනවා.

ඇත්තටම සතුටුයි මගේ පුංචි කාලේ බලාපොරොත්තු සැබෑ වුන එක ගැන. මට මේ ලැබුණු අවස්තාව සහ තැන රැකගැනීමට මම මට පුළුවන් උපරිම උත්සාහය දරනවා. කණ්ඩායම වෙනුවෙන් පුළුවන් හැමදේම ඉදිරියට කරනවා.”

Summary
Akila Danajaya's Life Story
Article Name
Akila Danajaya's Life Story
Description
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුනු දෙවන එක්දින තරගයේදී ඉන්දීය කණ්ඩායමේ කඩුලු හයක් දවාගෙන තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් අකිල ධණංජය පිළිබදව අන්තර්ජාතික මාධ්‍යයේ පවා කතාබහක් ඇතිව තිබෙනා මොහොතක අකිල ධණංජය පිළිබදව අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයෙන් සැදූ විඩීයෝවක් අපට හමු වුනා.
Author
Publisher Name
Newsfirelk
Publisher Logo

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...