Entertainment 

යෝ යෝ නිගාලා එන්ජල් ලා පාර්ල්මේන්තු ගියොත් කොහොමට හිටීද?

Reading Time: 1 minute

අපේ නූතන පරම්පරාව ඒ කියනේ යො..යෝ නිගාලායි..එන්ජස්ලයි…පර්ල්මේන්තු ගියොත් කොහොමට හිටීද??මොන මොන නාඩගම් නටයිද පාර්ලිමේන්තුවේදි මේක කියලවලම බලන්නකෝ…😜😜😜😜

————————————————————————————————-

න්‍යාය පත්‍රයට අනුව ඊළඟ කතාව ගරු ඩිජිටල් කටයුතු පිළිබඳ ඇමතිතුමාට…

“ගරු කථානායකතුමනි,පසුගිය මාස හය තුළ අලුතින් ෆේස්බුක් ගිණුම් ආරම්භ කිරීම 20% කින් ඉහළ ගොස් ඇති අතර රටේ ජනගහනය මෙන් තුන්ගුණයක පමණ ෆේස්බුක් ගිණුම් රටතුළ පවතිනවා..

කතානායක- ඕඩර් ඕඩර් ප්ලීස් ,ඔතන ඔය සෙල්ෆි ගහන මන්ත්‍රීවරු කණ්ඩායම වහාම තම තමන්ගේ ආසනවල ඉඳගන්න…ඕවට මාව එහෙම ටැග් කරල අහු වෙන්න එපා..

” මේ හේතුවෙන් මා යෝජනා කරනවා ජාතික හැඳුනුම්පත් අංකය යොදා ගනිමින් එක් ගිණුමක් පමණක් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් සැකසීමට ඉදිරියේදී පියවර ගැනීමට…….

——–අත්පොළොසන්—–

කතානායක- සියලුදෙනාටම ඔය ඉස්සරහ බට්න් එකක් දීල තියෙන්නේ අත්පොළසන් හඬ “හඬපටියක් ” කරල ප්ලේ කරන්න තමයි .ඒ නිසා මහ හයියෙන් මේස වලට තට්ටු කරන්න එපා.පරණ කාලෙ වගෙ නෙවෙයි ඔය මේසෙ තට්ටුව තනිකරම ටැබ් එකක් කියල ඔබතුමන්ලා දන්නව ඇති නේ….

මීළඟට ගරු ආරක්ෂක ඇමතිතුමා..

“කථානායකතුමනි,ආරම්භ වූ පාසල් නිවාඩු සමයත් සමඟ සිඟිති පාතාලය හිස ඔසවා ඇති බවට පැමිණිලි රැසක් ලැබිලා තියනව .එවැනි සිදුවීම් දුටු විගස දැනුම් දීමට 6699 හදිසි ඇමතුම් අංකය ස්ථාපනය කිරීමට නියමිතයි …ස්තූතියි .

කතානායක-මේ පිළිබඳව ගරු ළමා කටයුතු පිළිබඳ ඇමතිතුමියගේ අදහස….කෝ අද ඇමතිතුමිය පැමිණිලා නැද්ද …

“ගරු කථානායකතුමනි.මේ ඉන්නෙ එතුමිය මගෙ ඉස්සරහින්… ෆෝන් එකේ හෙඩ්සෙට් එක කනේ ගහගෙන ඉන්නකොට ඇහෙයි ද?”

මන්ත්‍රීතුමා වහාම ඇයට ඕක ගලවල සභාවට ඇහුම්කන්දෙන්න කියන්න…

ස..ස..ස… සමාවෙන්න ගරු කථානායකතුමනි ,මං අද දින කතාවට අවශ්‍ය දත්ත කිහිපයකට සවන්දෙමින් හිටියෙ..

කථානායකතුමනි , මං ඇස්දෙකටම දැක්ක මෙයා ෆේස්බුක් එකේ වීඩියෝ එකක් බල බල හිටියෙ.බොරුනම් බලන්න තාම ඔන්ලයින් ඇත්තෙ…

කතානායක- විපක්ෂයේ මන්ත්‍රීතුමා නිශ්ශබ්දවන්න…ගරු මන්ත්‍රීතුමිය,නැවත ඔහොම සිදුවුණොත් ඔබතුමියගේ ෆෝන් එක කොච්චර වටින එකක් වුණත් බ්‍රෑන්ඩ් එක මොකක් වුණත් මං ඇවිල්ලා පොළවෙ ගහනව…මීළඟට ගරු මැතිවරණ කටයුතු පිළිබඳව ඇමතිතුමා …..කවුද ඔතන ඔය…ඕඩර් ප්ලීස් ..ඔය පසුපෙළ ආසනදෙකේ ප්‍රේම ජවනිකාවක යෙදෙන මන්ත්‍රීතුමාටයි මන්ත්‍රීතුමියටයි කියන්නේ..ගැලරියේ පාසල් ළමයි ඉන්නව..ඔහොම අසභ්‍ය විදියට හැසිරෙන්න එපා..

කථානායකතුමනි…ඇයි ඇයි මං බාධකරනව නෙවෙයි මේක කියන්න දෙන්න මන්ත්‍රීතුමා… මං ඉල්ලා සිටිනවා මින් මතුවට පෙම්වතුන්ට එකම පක්ෂයෙන් නාමයෝජනා දෙන්න එපා කියල ….

ඇයි ඇයි කලවම් ඩීසලයා,බාල බොරතෙලයා.. ඛණිජතෙල් ඇමතිතුමා ඔයාට ජෙලස් ද ඔයාගෙ කෙල්ලට පාර්ලිමේන්තුවට තියා නගර සභාවටවත් එන්න බැරි වුණාට…

කතානායක- නිශ්ශබ්දවන්න කරුණාකරල …ගරු මන්ත්‍රීතුමා නැවත මෙහෙම සිද්ධවුණොත් මං ඔබතුමාගෙයි මන්ත්‍රීතුමියගෙයි අසුන්ගන්න ස්ථාන මාරු කරන්න කටයුතු කරනවා……ඔව් මැතිවරණ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා…

මූලාසනයෙන් අවසරයි… රටතුළ දේශපාලන පක්ෂ ක්‍රමය වර්තමානය වනවිට ගොඩනැගිලා තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන භාවිතා කරන්නන්ගේ සමාජවාදී පක්ෂය සහ ඇපල් දුරකතන භාවිතා කරන්නන්ගේ ධනවාදී පක්ෂය ලෙස කියන එක අපි සැවොම දන්න කාරණයක්……… ඒ නිසාම එළඹෙන මහමැතිවරණය ඔන්ලයින් ක්‍රමයට පවත්වන්න සියලු කටයුතු සංවිධානය කරමින් පවතිනවා……..

හොඳයි .සභාව නිශ්ශබ්ද නිසා එයට දැඩි විරෝධයක් නැති බවයි පෙනී යන්නෙ….ගරු ක්‍රීඩා ඇමතිතුමා….

කථානායකතුමනි ,මේ වසර තුළ ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් වැනි ක්‍රීඩා තුළින් රට තුළ ශූරයන් රැසක් බිහිවෙලා තියනව .ලෝක ශ්‍රේණිගතකිරීම් මට්ටම් වල ප්‍රමුඛ ස්ථාන දක්වා පැමිණි ක්‍රීඩකයන්…. ඒ වගේම මේ ගිණුම් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමෙන් මොවුන් රටට සපයන විදේශ විනිමයද සුළුපටු නැහැ.. මං බලාපොරොත්තු වෙනවා මොවුන්ට සම්මාන උළෙලක් පවත්වන්න……

අපේ පාසලේ ආදර්ශ පාඨයේත් තියනව “Not today ,tomorrow ” කියල ..ඒ නිසා අද නෙවෙයි මං මේක හෙට සිට සංවිධානය කරන්න කටයුතු කරනවා…හොදයි එහෙනම් සභාව ඊළඟට කල්තබන දිනය හැමෝටම වට්සැප් ගෲප් චැට් එකට එවන්නම් ..
ඔය හැන්සාර්ඩ් වාර්තාව ලියන ගෑනු ළමය මට ඕක ඊමේල් කරල තියන්න…

********************

තිබහට කූල් විශ්වාසභංගයක්… FCID කඩල පැකට් එකක්…. බබාට නාමයෝජනාවක්…… ගන්න මන්ත්‍රීතුමා දෙයියන්ට ගහන්න පොල්ගෙඩියක් එහෙම…. කැන්ටිම වහල අද මගෙන් විතරයි …..පක්ෂ මාරු කරන්න බිත්තර ආප්ප, කෝපි කෝපී….

ලිව්වෙ – ishu windy

සුපිරී නේද ලයික් එකක් දාලාම යන්න .අනිවා කොමන්ට් කරන්න…😍😍😍👍👍😜😜

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...